සිංහලதமிழ்English
ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල නොවන පරිදි “බුකිකරුවකුගේ" ව්‍යාපාරයක් හෝ සූදු ව්‍යාපාරයක් කරගෙන යන යම් තැනැත්තෙකු පනතේ උප ලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අදාළ අනුප්‍රමාණයන් යටතේ බද්දට යටත් වේ. එම ව්‍යාපාරය එම තැනැත්තා විසින්ම වෙනත් ස්ථානයන්හි කරගෙන යන්නේ නම් එම එක් එක් වෙනත් ස්ථාන සඳහා එම පුද්ගලයා විසින් බද්ද ගෙවිය යුතුය. (බදු කාර්යය සඳහා එක් එක් ස්ථානය වෙනම ව්‍යාපාරයක් ලෙස සැලකේ.)
බුකිකරුවකු හෝ සූදු මත ව්‍යාපාරයක දළ එකතුව මත 10% අනුප්‍රමාණය යටතේ බද්දක් අය කරනු ලැබේ. එසේම එය මාසිකව ගෙවිය යුතුය. කෙසේ වෙතත්, දළ එකතුව මසකට රු. මිලියන 1ක් නොඉක්මවන විට, මෙම බද්දට යටත් නොවේ. මෙම බද්දට යටත් ව්‍යාපාර එකතුකළ අගය මත බද්දට සහ ජාතිය ගොඩනැඟීමේ බද්දට යටත් නොවේ.
දළ එකතුව මත ගෙවිය යුතු බද්ද අදාළ මාසයෙන් පසුව ඉන් ඉක්බිතිව එළැඹෙන මාසයේ පළමු සතියේ හෝ ඊට පෙර ගෙවිය යුතුය.