Skip Ribbon Commands
Skip to main content
Employer responsibilities (PAYE)
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: සේවායෝජකගේ වගකීම් (උ. වි. ගෙ. යටතේ - PAYE)

සේවායෝජකගේ වගකීම් (උ. වි. ගෙ. යටතේ - PAYE)

උපයන විට ගෙවීමේ (උ. වි. ගෙ.) ක්‍රමය යටතේ සේවා යොජකයින්ගේ වගකීම්
  • සේවා නියුක්තිකයින්ට කරන ලද සෑම ගෙවීමකටම අදාල ලියකියවිලි ආරක්ෂිතව තබා ගත යුතු අතර, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියවිල්ලකින් බලය දෙන ලද යම් නිලධාරියෙකුට ඒවා පරීක්ෂා කිරීමට අවසර දිය යුතුය. (119 වගන්තිය)
  • යම් මාසයක් තුලදී කරනු ලබන උ. වි.ගෙ. බදු අඩු කිරීම් එම මාසයට ඉක්බිතිව එළඹෙන මාසයේ පසලොස්වන දින ඉකුත් වීමට පෙර කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කළ යුතුය. (120 (අ) වගන්තිය)
  • වර්ෂය තුලදී කරන ලද බදු අඩුකිරීම් විස්තර ඇතුලත් සහතිකයක් (ටී 10 ආකෘතිය) අප්‍රේල් මස 30 වන දින ඉකුත් වීමට පෙර සේවා නියුක්තිකයින් වෙත නිකුත් කළ යුතුය. (120 (ආ) වගන්තිය)
  • වාර්ෂික ප්‍රකාශනය අප්‍රේල් මස 30 දින ඉකුත් වීමට පෙර කොමසාරිස් ජනරාල්වරයා වෙත සැපයීය යුතුය. (120 (ඇ) වගන්තිය)
  • බදු අඩු කිරීමේ හා/හෝ ප්‍රේෂණය කිරීමේ වගකීම් දැරීය යුතුය. එසේ කිරීම පැහැර හරිනු ලබන සේවා යෝජකයින් අදාල මුදල ගෙවීම සඳහා පෞද්ගලිකව බැඳීය යුතුය. (124 (1) වගන්තිය)
  • බද්ද අඩු කිරීම හා/හෝ ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක එම බද්දට අමතරව එයින් 50% ක උපරිමයකට යටත්ව දඩ ගෙවීය යුතුය.
  • පහත සඳහන් අවස්ථාවන්හි දී 1, 2, 4, 5 සහ 7 වන බදු චක්‍රයන්හි දක්වා ඇති බද්දට අමතරව 6 වන බදු චක්‍රයේ දැක්වෙන බද්ද ද ගෙවීය යුතුය.
    • යම් සේවා නියුක්තිකයෙකුගේ ආදයම් බද්ද ඔහුගේ වැටුපෙන් අඩු නොකොට සේවා යෝජක හෝ වෙනත් තැනැත්තෙකු විසින් ගෙවන විට,
    • යම් සේවා නියුක්තිකයෙකුගේ ආදායම් බද්ද ඔහුගේ වැටුපෙන් අඩු කර ප්‍රේෂණය කොට නැවත ප්‍රතිපූර්ණය කරන විට.
  • යම් සේවා නියුක්තිකයෙකුට කරන ගෙවීම් සම්බන්ධව නිශ්චිතව දක්වා ඇති බදු චක්‍ර අදාල නොවන බව හැඟෙන අවස්ථාවන්හිදී හෝ බදු චක්‍ර පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීම් අවශ්‍යය වන්නේ නම් උ. වි. ගෙ. අංශයේ හෝ ලේකම් අංශයේ කොමසාරිස් ඇමතීය යුතුය.​​
අවසන් වරට යථාවත් කිරීම : 24-05-2015