සිංහලதமிழ்English
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත යටතේ පනවා ඇති විධිවිධාන පදනම් කර ගනිමින් ආදායම් බදු අය කෙරේ. 2018 අප්‍රේල් මස 01 වන දිනෙන් ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහාම සෑම පුද්ගලයෙකුටම උද්ගත වූ හෝ එවැනි පුද්ගලයෙකුට උද්ගත වන ලැබීම් සහ ප්‍රතිලාභ මත ගාස්තු අය කිරීම, අයබදු ගැනීම සහ ආදායම් බදු එකතු කිරීමේ නීතිමය අධිකාරිය දේශීය ආදායම් පනත මඟින් ලබා දේ.
ශ්‍රී ලංකාවේ වාසිකයෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකාවේදී උපයන ආදායම සහ ශ්‍රී ලංකාවෙන් පිටතදී උපයනු ලබන ආදායම, ආදායම් බද්දට යටත් විය යුතුය. එහෙයින් ආදායම් බදු බැඳියාව, ඔහුගේ ගෝලීය ආදායම දක්වා පුළුල් වී ඇත. ශ්‍රී ලංකාවේ නිර්වාසිකයෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආදායම් බදු අයවිය යුත්තේ , ශ්‍රී ලංකාවෙන් උද්ගත වන හෝ උපයන ලැබීම් සහ ප්‍රතිලාභ සඳහා පමණි.
ශ්‍රී ලංකාවේ වාසිකයෙකු වන තැනැත්තකු සඳහා තක්සේරු වර්ෂයකට හෝ ශ්‍රී ලංකාවේ නිර්වාසිකයෙකු වන නමුත්, ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන තැනැත්තෙකු සඳහා තක්සේරු වර්ෂයකට, රු 500,000 ක් වූ සංයුක්ත සහනයක් එම තක්සේරු වර්ෂය සඳහා ලැබෙනු ඇත.
ස්වයං තක්සේරු පදනම මත ආදායම් බදු ගෙවිය හැකි අතර වාරික ලෙස ගෙවන පුද්ගලයෙකුට කාර්තුමය වාරික මඟින් බදු ගෙවිය හැක.