Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව​ :: බදු වර්ග :: ජාතිය ගොඩනැඟීමේ බද්ද (NBT)
 

ජාතිය ගොඩනැඟීමේ බද්ද

2019 දෙසැම්බර් මස 1 වන දිනට පෙරාතුව මෙම නීතිය අදාළ වූ සෑම තැනැත්තෙක්ගෙන්ම සහ සෑම හවුල් ව්‍යාපාරයකින්ම අය කරන ලදී —

2009 අංක 09 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත මඟින් මුල්වරට හදුන්වා දුන් ජාතිය ගොඩනැඟීමේ බද්ද 2009 පෙබරවාරි මස 01 වන දින සිට බලාත්මක වන අතර මෙය පසුව 2009 අංක 32 දරන ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත, 2011 අංක 10 දරන ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත, 2013 අංක 11 දරන ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත, 2014 අංක 10 දරන ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත, 2015 අංක 12 දරන ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත 2016 අංක 22 දරන ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත, 2017 අංක 13 දරන ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත, 2018 අංක 20 දරන ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත, 2019 අංක 20 දරන ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත සහ 2020 අංක 03 දරන ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත මඟින් සංශෝධනය වී ඇත. . ​

​​

අණ පනත්

2009 අංක 09 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු පනත (2009 මාර්තු 11 වැනි දින සහතික කරන ලදී)
2009 අංක 32 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත (2009 මැයි 18 වැනි දින සහතික කරන ලදී)
2011 අංක 10 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත (2011 මාර්තු 31 වැනි දින සහතික කරන ලදී)
2012 අංක 09 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත (2012 මාර්තු 30 වැනි දින සහතික කරන ලදී)
2013 අංක 11 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත (2013 අප්‍රේල් 23 වැනි දින සහතික කරන ලදී)
ඒකාබද්ධ කළ 2009 අංක 09 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු පනත පනත (ඉංග්‍රීසියෙන් පමණි) (2013 අප්‍රේල් 30 වැනි දින දක්වා කරන ලද සංශෝධන සහිත)
2014 අංක 10 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත (2014 අප්‍රේල් 24 වැනි දින සහතික කරන ලදී)
2015 අංක 12 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත (2015 ඔක්තොබර් 30 දින සහතික කරන ලදී.)
2016 අංක 22 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත (2016 නොවැම්බර් 7 දින සහතික කරන ලදී.)
2017 අංක 13 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත (2017 අගෝස්තු 9 දින සහතික කරන ලදී.)
2018 අංක 20 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත (2018 ජූූලි 30දින සහතික කරන ලදී.)
2019 අංක 20 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත (2019 ඔක්තෝබර් 31 දින සහතික කරන ලදී)
2020 අංක 03 දරණ ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත (2020 ඔක්තෝබර් 12 දින සහතික කරන ලදී)
බද්දට යටත් විෂය පථය
  • ​​​​ශ්‍රී ලංකාවට කවර හෝ භාණ්ඩයක් (ව්‍යතිරික්ත භාණ්ඩ සහ මඟියෙකුගේ පෞද්ගලික ගමන් මලු තුල ඇති භාණ්ඩ හැර) ආනයනය කරන; හෝ
  • ව්‍යතිරික්ත භාණ්ඩ හැර යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් කරනු ලබන; හෝ
  • යම් භාණ්ඩයක් තොග හෝ සිල්ලර වශයෙන් විකිණීමේ ව්‍යාපාරයක් (නිෂ්පාදකයෙක් ලෙස ජාතිය ගොඩනැඟීමේ බදු පනතේ විධීවිධාන අදාළ වන්නා වූ සහ ඉහත (ii) අයිතමය යටතේ බද්දට යටත් වන්නා වූ නිෂ්පාදකයෙකු වශයෙන් භාණ්ඩයක් නිෂ්පාදනය කර විකිණීම හැර) පවත්වාගෙන යන ; හෝ​
  • ව්‍යතිරික්ත සේවා හැර යම් ස්වභාවයකට අයත් සේවාවක්, බැංකු සහ මූල්‍ය ව්‍යාපාර ඇතුළුව, සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන

සෑම තැනැත්තෙකුම (තනි පුද්ගලයෙකු, සමාගමක්, පුද්ගල මණ්ඩලයක් ) හෝ හවුල් ව්‍යාපාරයක් විසින් ජාතිය ගොඩනැඟීමේ බද්ද ගෙවිය යුතු ය.

බද්දට යටත් පිරිවැටුම

පනත අදාළ වන්නා වූ පුද්ගල කණ්ඩායම් වලට අදාළව බද්දට යටත් පිරිවැටුම පහත පරිදි නිර්වචනය කෙරේ.​

  • යම් භාණ්ඩයක් ආනයනය කරන තැනැත්තෙකු සම්බන්ධයෙන් වූ විට ව්‍යතිරික්ත භාණ්ඩයන්ගේ වටිනාකම හැර භාණ්ඩ ආනයනය කිරීමේදී 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 6 වන වගන්තියේ කාර්යය සඳහා නිශ්චිතව ගණනය කරන ලද එම භාණ්ඩයේ වටිනාකම අදහස් වේ.
  • යම් නිෂ්පාදකයෙකු සහ යම් කාර්තුවක් සම්බන්ධයෙන් වන විට ව්‍යතිරික්ත භාණ්ඩ හැර එකී තැනැත්තා විසින් නිෂ්පාදනය කරන ලද සෑම භාණ්ඩයක්ම ශ්‍රී ලංකාව තුළ විකිණීමෙන් එකී කාර්තුව තුළ ලැබිය යුතු මුදල ලැබුණේ වුව ද නොලැබුණේ වුව ද එසේ ලැබිය යුතු මුදල අදහස් වේ.
  • යම් සේවාවක් සැපයීම කරගෙන යනු ලබන යම් තැනැත්තෙක් සම්බන්ධයෙන් වන විට ව්‍යතිරික්ත සේවා හැර එම කාර්තුව තුළ යම් සේවාවක් ශ්‍රී ලංකාව තුළ සැපයීම මඟින් ලැබිය යුතු මුදල මුදල ලැබුණේ වුව ද නොලැබුණේ වුව ද එසේ ලැබිය යුතු මුදල අදහස් වේ.
    එසේ වූවද:
    • මුල්‍ය සේවා සපයන තැනැත්තෙකු විසින් සපයනු ලබන යම් මුල්‍ය සේවාවක් සදහා වූ බද්දට යටත් පිරිවැටුම, 2002 අංක 14 එකතු කල අගය මත බදු පනතේ 25 (ඇ)වගන්තියේ 4වන උපවගන්තියේ සදහන් අදාල ක්‍රමය පරිදි ගණනය කල මුල්‍ය සේවා පිරිවැටුම විය යුතුය (ජාතිය ගොඩනැඟීමේ බද්ද ගණනය කිරීමේ ක්‍රමය සදහා එකතු කල අගය මත බදු පනතේ 25 (ඇ) වගන්තිය යටතේ 2014 ජූනි 23 දින නි​කුත් කරන ලද අංක 1868/10 දරන අති විශේෂ ගැසට් පත්‍රය බලන්න.
      එවැනි තැනැත්තන්ගේ මුල්‍ය සේවා පිරිවැටුමට අදාල නොවන බද්දට යටත් පිරිවැටුම, 3වන වගන්තියේ සදහන් කර ඇති ලෙස සාමාන්‍ය පරිදි ජාතිය ගොඩනැඟීමේ බද්දට යටත් වේ.
    • නිශ්චල දේපළ ව්‍යාපාරික කටයුත්තකින් හෝ එහි වැඩි දියුණු කිරීමකින් උද්ගත වන යන්නෙන් 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනතේ 5 වන වගන්තියේ (7) වන උප වගන්තිය යටතේ (2015-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි) එකතු කළ අගය මත බදු පනතේ කාර්ය සඳහා නිෂ්චිතව හඳුනා ගන්නා ලද එම සේවා වටිනාකම අදහස් වේ.
  • තොග හෝ සිල්ලර හෝ ව්‍යාපාරයක් ව්‍යාපාරයක් පවත්වාගෙන යන තැනැත්තෙකු සහ යම් කාර්තුවක් සම්බන්ධයෙන් වන විට යම් අදාළ කාර්තුව තුළ ලැබු හෝ නොලැබු හෝ එම කාර්තුව තුළ භාණ්ඩ විකුණූම් තුළින් ලැබිය යුතු මුදල අදහස් වන අතර පහත දැක්වෙන දේ ඇතුළත් නොවේ.
    • ඖෂධ වර්ග;
    • 2008 අංක 48 දරන විශේෂ වෙළෙද භාණ්ඩ බදු පනත යටතේ සීනි, පරිප්පු, අර්තාපල්, ලූණු, කරවල, කිරිපිටි හෝ මිරිස් යන භාණ්ඩ ඒවායේ ආනයනකරු විසින් එම භාණ්ඩ කිසිදු නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය නොකර විකිණීම (විකිණීම සදහා සකස් කිරීම හැර);
    • විදේශ ව්‍යවහාර මුදල් මඟින් ගෙවීම් ලැබීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් අවසර ලත් තැනැත්තෙකු විසින් කරනු ලබන මැණික් හා ස්වර්ණාභරණ විකුණූම් මත ලැබීම්;
    • කිසියම් මුද්‍රිත පොතක්;
    • අපනයනය කරනු ලබන යම් භාණ්ඩයක්;
    • අපනයනය කිරීම සඳහා යම් අපනයනකරුවෙකුට විකුණනු ලබන යම් භාණ්ඩයක්;
    • යම් නිෂ්පාදකයෙකුගෙන් හෝ නිපදවන්නෙකුගෙන් මිලදී ගනු ලබන නැවුම් කිරි, පලා වර්ග, කුරුදු හෝ රබර් (ඔට්ටුපාලු, ක්‍රේප් රබර් හෝ රබර් ෂීට්);
    • ඉන්ධන පිරවුම්හලකදී විකුණනු ලබන පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල්;
    • විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම සදහා තීරු බදු රහිත සාප්පුවල ඇති යම් භාණ්ඩයක් සිල්ලරට විකිණීම;
    • LP ගෑස් බෙදාහැරීම;
    • යම් මොටර් රථයක් ආනයනකරු විසින්ම විකිණීම;
    • දුම්වැටි ආනයනකරු විසින්ම විකිණීම; සහ
    • මත්පැන් ආනයනකරු විසින්ම විකිණීම

ඉහත ඡේද (ii), (iii)හෝ (iv) සම්බන්ධයෙන් පිරිවැටුම යන්නට පහත සඳහන් දෑ ඇතුළත් නොවේ.

  • එකී තැනැත්තා විසින් දරන ලද කිසියම් බොල් ණයක්,
  • ලියාපදිංචි වී ඇත්නම් යම් ගෙවන ලද එකතු කළ අගය මත බද්දක්,
  • රේගුවේ දී ගෙවන ලද නිෂ්පාදන බද්දක් හැර නිෂ්පාදන බදු (විශේෂ විධීවිධාන) පනත යටතේ වූ යම් නිෂ්පාදන බද්දක්,
  • මුදල් අමාත්‍ය වරයා විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර ඉසව් සම්බන්ධයෙන් අපනයන සංවර්ධන ප්‍රදාන යටතේ ගෙවනු ලැබූ යම් ප්‍රදානයක්, සහ
  • මුදල් අමාත්‍යවරයා විසින් අනුමත කළ ජාත්‍යන්තර ඉසව් වලට අදාළව සපයන ලද භාණ්ඩ හෝ සේවාවන්ගෙන් ලද පිරිවැටුම.
බද්දට යටත් සීමාව(කාර්තුවකට)
  • රු. 3,000,000 යම් කාර්තුවක් සඳහා
  • රු. 25,000,000 දේශීයව සකසාගත් කෘෂි භෝග වෙළෙඳපලට සකස් කිරීම සම්බන්ධ වූ යම් ක්‍රියාකාරකමක් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාර සඳහා
බදු අනුප්‍රමාණ
  • බද්දට යටත් පිරිවැටුමෙන් (යම් භාණ්ඩයක් තොග හෝ සිල්ලරට විකිණීමෙන් ලද යම් පිරිවැටුමක් හැර) - 2% ​ක්​ 
  • යම් භාණ්ඩයක් තොග හෝ සිල්ලරට විකිණීමෙන් ලද බද්දට යටත් පිරිවැටුම මත ;
    • කිසියම් බෙදා හරින්නෙකුගේ බද්දට යටත් පිරිවැටුමෙන් හතරෙන් තුනකට (3/4) - නැත
    • බෙදාහරින්නෙකුගේ පිරිවැටුම හැර කිසියම් භාණ්ඩයක් තොග හෝ සිල්ලරට විකිණීමෙන් ලද බද්දට යටත් පිරිවැටුමෙන් භාගයකට (1/2) - නැත
    • ඉතිරිය හෝ වෙනත් බද්දට යටත් පිරිවැටුම - 2% 
ස්වතක්සේරු මත ජාතිය ගොඩනැඟීමේ බද්ද ගෙවීම

ස්වතක්සේරු මත ජාතිය ගොඩනැඟීමේ බද්ද වාරික තුනකින් ගෙවිය යුතුය. කාර්තුව සඳහා ගෙවිය යුතු ජාතිය ගොඩනැඟීමේ බද්දෙන් 1/3 කට නොඅඩු ප්‍රමාණයකින් වාරිකය සමන්විත විය යුතුය.

වාරිකය ගෙවීම් දිනය
පළමු වාරිකය එම අදාළ කාර්තුවේ දෙවන මාසයේ 20 වන දින හෝ ඊට ප්‍රථම
දෙවන වාරිකය එම අදාළ කාර්තුවේ තෙවන මාසයේ 20 වන දින හෝ ඊට ප්‍රථම
තෙවන වාරිකය අදාළ කාර්තුව අවසන් වී ඉන් පසුව එළබෙන මාසයේ 20 වන දින හෝ ඊට ප්‍රථම

ගෙවීම් ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට කළ හැකිය.

ගෙවූ බදු සඳහා බදු බැර

නිෂ්පාදකයින් හට ජාතිය ගොඩනැඟීමේ බදු සඳහා ලියාපදිංචි වූ වෙනත් නිෂ්පාදකයෙකුගෙන් කරන ලද මිලදී ගැනීම් මත බදු බැර ලබා ගත හැකිය.

ජාතිය ගොඩනැඟීමේ බදු වාර්තා (2019 නොවැම්බර් 30 දක්වා වූ කාර්තු සදහා)
  • වාර්තා ඉදිරිපත් කිරීම සඳහා නියමිත දිනය :
    • යම් කාර්තුවක් අවසාන වූ පසු එළබෙන මාසයේ 20 වන දින හෝ ඊට ප්‍රථම

  • ඉදිරිපත් කළ යුත්තේ :
    • ඊ-සේවාව මගින්
    • අදාළ ප්‍රදේශයේ ආසන්නතම දේශීය ආදායම් අගනුවර / ප්‍රාදේශීය කාර්යාලය වෙත.
    • දේශීය ආදායම් ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ, 1 වන මහලේ පිහිටි මධ්‍ය ලේඛන කළමනාකරණ අංශය (CDMU) වෙත .​
​​
අවසන් වරට යථාවත් කිරීම : 16-11-2021