Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: බදු වර්ග :: උපයන විට ගෙවීමේ බදු (PAYE)​
 

උපයන විට ගෙවීමේ බදු 

‍සේවා යෝජකයන් විසින් 2006 අංක 10 දරණ දේශී​ය ආදායම් පනතේ 114 වැනි වගන්තිය ප්‍රකාරව සේවා නියුක්තිකයෙකුගේ පාරිශ්‍රමිකයක් ගෙවන අවස්ථාවේදී සේවා නියුක්ත ආදායම මත බදු අඩු කළ යුතුය.

මෙම කාර්යය සඳහා එකී බදු අඩු ​කිරීමේදී භාවිතයට ගනු ලැබිය යුතු බදු වගු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නියම කරනු ලැබේ. පාරිශ්‍රමිකයක් උපයනු ලබන අවස්ථාවේදී මෙම බද්ද අඩු කර ගෙවනු ලබන බැවින් මෙම ක්‍රමය උපයන විට ගෙවීමේ ක්‍රමය ලෙස හැඳින් වේ. ​​​​​


​​​

අණ පනත්

2006 අංක 10 දරන දේශීය ආදායම් පනත (2006 මාර්තු 31 දින සහතික කරන ලදී.)
2007 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත (2007 මාර්තු 30 දින සහතික කරන ලදී.)
2008 අංක 9 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2008 පෙබරවාරි 29 දින සහතික කරන ලදී.)
2009 අංක 19 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2009 මාර්තු 31 දින සහතික කරන ලදී.)
2011 අංක 22 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2011 මාර්තු 31 දින සහතික කරන ලදී.)
2012 අංක 08 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2012 මාර්තු 30 දින සහතික කරන ලදී.)
2013 අංක 18 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2013 අප්‍රේල් 24 දින සහතික කරන ලදී.)
2014 අංක 8 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2014 අප්‍රේල් 24 දින සහතික කරන ලදී.)
2015 අංක 09 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2015 ඔක්තොබර් 30 දින සහතික කරන ලදී.)
ඒකාබද්ධ කල 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත (ඉංග්‍රීසියෙන් පමණි) (2015 අප්‍රේල් 30 දින දක්වා කරන ලද සංශෝධන සහිතව.)

බදු ගෙවීම (උ. වි. ගෙ.)

බද්දට යටත් වන සෑම සේවා නියුක්තිකයෙකුගෙන්ම උපයන විට බදු අඩු කිරීමට සේවා යෝජකයින් බැඳී සිටින අතර එසේ බදු ලෙස අඩු කරන ලද සමස්ත මුදල පසුව එළැඹෙන මාසයේ 15 දින හෝ එදිනට පෙර දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂනය කළ යුතුය.

උ. වි. ගෙ. වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම

නියමිත දිනය -සේවා යෝජකයින් විසින් අදාල තක්සේරු වර්ෂය සඳහා උ. වි. ගෙ. වාර්ෂික වාර්තාව එම තක්සේරු වර්ෂය අවසන් ව එළඹෙන අප්‍රේල් මස 30 වැනි දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

ඉදිරිපත් කළ යුත්තේ - දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ 7 වන මහලේ පිහිටි මධ්‍යම ලේඛණ කළමනාකරණ අංශය (CDMU) වෙත භාර දිය යුතුය.

බාගත කරගැනීම් (Downloads)​

උ. වි. ගෙ. බදු වගු

උ. වි. ගෙ. බදු වගුව 2015/2016 ​​​​​​​​
​​​

සේවා යෝජකයා වාර්ෂික ප්‍රකාශය - උ. වි. ගෙ.

සේවා යෝජකගේ වාර්ෂික ප්‍රකාශය 2016/2017 (Asmt_PAYE_001_S)
අවසන් වරට යථාවත් කිරීම : 04-04-2017