Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: බදු වර්ග :: මුද්දර බදු (SD)
 

මුද්දර බද්ද

මුද්දර බදු ආඥා පනත ශ්‍රි ලංකාවේ 1909 වර්ෂයේදී පනවන ලදී. ඉන් අනතුරව සාධන පත්‍ර හා ලිපි ලේඛන මෙන්ම ඒ සමඟ සම්බන්ධ වන කරුණු හෝ එයට අනුෂාංගිත වන කරුණු සම්බන්ධයෙන් මුද්දර බදු පැනවීම සඳහා 1982 අංක 43 දරන මුද්දර බදු පනත පාර්ලිමේන්තුව විසින් පනවන ලදී.

නිෂ්චල දේපල හා ඇතැම චංචල දේපල සම්බන්ධයෙන් පනවන ලද මුද්දර බදු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදු කරන ලද 13 වන සංශෝධනයෙන් පළාත් සභා වෙත විමධ්‍යගත කරන ලද අතර මධ්‍යම රජයෙන් පාලනය කරනු ලැබු මුද්දර බදු 2002 මැයි මස 01 දින සිට අත්හිටුවන ලදී. රජය විසින් මුද්දර බද්ද නැවත හදුන්වා දෙන ලද අතර 2006 අංක 12 දරන මුද්දර බදු (විශේෂ විධි විධාන ) පනත පහත දැක්වෙන සාධන පත්‍ර වලට පමණක් පනවන ලදී.

විශේෂිතව දක්වා ඇති සාධන පත්‍ර නම්:

  • දිවුරුම් පෙත්සමක්
  • රක්ෂණ ඔප්පුවක්
  • ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු වශයෙන් කටයුතු කිරිමේ අධිකාරී පත්‍රයක්
  • ව්‍යාපාරයක්, වෙළදාමක්, වෘත්තියක් හෝ රැකියාවක් කරගෙන යාම සඳහා තත්කාල බලපත්‍රයක්
  • ණය කාඩ්පත් ප්‍රකාරව අයවිය යුතු යම්කිසි මුදල් ප්‍රමාණයක් ගෙවීම සදහා ණය කාඩ්පත් දරන්නකු වෙත ඒවා සපයන්නකු විසින් කරනු ලබන යම් හිමිකම් පෑමක් ඉල්ලා සිටීමක් හෝ ඉල්ලීමක්
  • දේපලකට බලපාන්නා වු නිශ්චිත මුදල් ප්‍රමාණයක් සඳහා වු උකස් කිරීමක්
  • පොරොන්දු නෝට්ටුවක්
  • යම් දේපලක් බදු දීම හෝ කුලියට දීම
  • යම්කිසි මුදලකට හෝ වෙනත් දේපලක් සඳහා දෙනු ලබන ලදු පතක් හෝ නිදහස් කිරීමක්
​අය කිරිමේ හැකියාව​

2008 අංක 10 දරන පනතින් හා 2011 අංක 13 දරන පනතින් සංශෝධනය කර ඇති පරිදි 2006 අංක 12 දරන මුද්දර බදු ( විශේෂ විධි විධාන) පනත යටතේ;

  • ශ්‍රිලංකාව තුළ ක්‍රියාත්මක වන, නම් කරනු ලබන හෝ ඉදිරිපත් කරන සෑම සාධන පත්‍රයකම මත;
  • ශ්‍රී ලංකාවෙන් පිටත ක්‍රියාත්මක වන හා ශ්‍රි ලංකාවේදී ඉදිරිපත් කරනු ලබන ශ්‍රි ලංකාවේ දේපලක් සම්බන්ධයෙන් ගැසට් කර ඇති නිදහස් කිරීම් වලට යටත්ව මුද්දර බදු අය කරනු ලැබේ. (එය ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කරන දින බැඳියාව ඇති වේ)

ගාස්තු නිදහස් කිරීම්
අති විශේෂ ගැසට් පත්‍රයේ දක්වා ඇති. අති විශේෂ ගැසට් පත්‍රයේ දක්වා ඇති.
සාධන පත්‍රය,ගාස්තුව, නිදහස් කිරීම් සහ අනෙකුත් විස්තර ඇතුලත් මුද්දර බදු උපලේඛනය
  සාධන පත්‍රය අනුප්‍රමාණය (රු.)
1. දිවුරුම් ප්‍රකාශය රු. 50/-
2. රක්ෂණ ඔප්පුව සෑම රු. 1,000/- හෝ ඉන් කොටසකට රු. 1/-
3. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු වශයෙන් කටයුතු කිරීමට අධිකාරී පත්‍රය රු. 2,000/-
4 i. ලිත් වර්ෂයක් හෝ ලිත් වර්ෂයකට අඩු කාලයක් සදහා වූ විදේශ මත්පැන් විකිනීමේ යම් බලපත්‍රයක් රු. 20,000/-
ii. දේශීය මත්පැන් විකිණීමේ AFL1 හෝ AFL2 හෝ AFL3 හෝ AFL4 යන යන යම් අරක්කු බලපත්‍රයක් රු. 2,000/-ක් හෝ බලපත්‍ර ගාස්තු වෙන්10% යන මේවායින් කවර හෝ වැඩි මුදල
iii. බෝතල් රා විකිණීමේ යම් බලපත්‍රයක් රු. 2,000/- ක් හෝ බලපත්‍ර ගාස්තු වෙන් 10% යන මේවායින් කවර හෝ වැඩි මුදල
iv. මත්පැන් හෝ බෝතල් රා විකිණීම හැර වෙනත් වෙළඳාමක් ව්‍යාපාරයක් වෘත්තියක් හෝ රැකියාවක් පවත්වාගගෙන යාම සඳහා නිකුත් කරනු ලබන යම් බලපත්‍රයක් රු. 2,000/- හෝ බලපාත්‍ර ගාස්තුවෙන් 10% යන අගයන් අතරින් අඩු අගය
5. වෙනත් රටකදී කරනු ලබන සියලු ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු. සෑම රු. 1,000/- හෝ ඉන් කොටසකට රු. 25/-
6. නිශ්චිත හෝ එක්තරා මුදල් ප්‍රමාණයකට සහ යම් දේපළකට බලපානා වූ බැඳුම්කරයක් හෝ උකස්කරයක් බැඳුම්කරේ‍යේ හෝ උකස්කරයේ වටිනාකමින් සෑම රු. 1,000/- ක් හෝ ඉන් කොටසකට රු. 1/- බැගින්
thereof
7. ‍යම් පොරොන්දු නෝට්ටුවක් එහි වටිනාකමින් සෑම රු. 1,000/- ක් හෝ ඉන් කොටසකට රු. 1/- බැගින්
8. යම් දේපලක් කල්බද්දට දීමේ ගිවිසුම්ක් හෝ කුලියට දීමේ ගිවිසුමක් කල්බදු ගිවිසුමේ හෝ කුලී ගිවිසුමේ මුල් අවුරුදු 20ට අදාල වටිනාකමින් සෑම රු. 1,000/- ක් හෝ ඉන් කොටසකට රු. 10/- බැගින්
9. යම් මුදලක් හෝ වෙනත් දේපළක් සදහා දෙනලද ලදුපතක් හෝ නිදහස් කිරීමක් රු . 25,000/- දක්වා නිදහස් ඊට වැඩිනම් රු. 25/-
මුද්දර ගාස්තු සමථයකට පත් කීරීම

මුද්දර ගාස්තු සමථයකට පත්කිරීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්යවේ. පහත සදහන් පුද්ගලයන් ලියාපදිංචිය ලබා ගත යුතුයි.

  • රක්ෂණ සහතික නිකුත් කරන තැනැත්තෙක්
  • බලපත්‍ර නිකුත් කරන ආයතනයක්
  • ණය කාඩ්පත් සේවා සපයන්නෙක්
  • සේවකයින් 100කට වඩා සේවයෙහි යොදවන ලද සේවා යෝජකයෙක්
  • නියම කර ඇති ආකාරයට හෝ අවස්ථාවට අනුව යම් ප්‍රභේදයක් සාධන පත්‍ර ලෙස මුද්දර යෙදීම ප්‍රායෝගික නොවන හෝ කාර්යක් නොවන ලෙස සැලකිල්ලට ගැනීමේදී වෙනත් ආකාරයේ සාධන පත්‍ර නිකුත් කරන වෙනත් තැනැත්තෙක්

මුද්දර ගාස්තු සමථයකට පත් කිරීම සදහා වූ අධිකාරිය විසින් අදාල ගාස්තු කාර්තුව අවසානයේ සිට දින 15ක් ඇතුලත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ප්‍රේෂණය කල යුතුයි. එක් එක් සාධනපත්‍ර කාණ්ඩය සඳහා වෙනම උපලේඛන පහත පරිදි පවත්වා ගත යුතුය../p>

ගෙවීම් කාලච්ඡේදය: ……… (එක් එක් කාර්තු සදහා උපලේඛන වෙන වෙනම පවත්වාගෙන යා යුතුය).

සාධනපත්‍ර : (යම් රක්ෂණ ඔප්පුවක්, මත්පැන් බලපත්‍රයක්, ප්‍රසිද්ධ නොතාරිස්වරයකු ලෙස ක්‍රියා කිරීමේ බලපත්‍රයක්, වෙනත් බලපත්‍ර, ණයපත් ගනුදෙනු, වැටුප් ගෙවීම්, ලදුපතක් හෝ නිදහස් කිරීමක්, බැදුම්කරයක් හෝ උකස්කරයක්, පොරොන්දු නෝට්ටුවක් , කල්බදු හෝ කුලියට දීම්).

අනු අංකය
සාධනපත්‍ර අංකය
සාධනපත්‍රය නිකුත් කල දිනය
සාධනපත්‍රය නිකුත් කරනු ලැබූ තැනැත්තා ගේ නම
සාධනපත්‍​රයේ වටිනාක​ම
සමතයකට පත්කරන ලද මුද්දර ගාස්තුව
           
           

 

ගෙවීමේ ක්‍රමය

  1. ආදායම් මුද්දර ඇලවීම මගින්,
  2. ඕනෑම ස්ථාවර වත්කමක උකස්කරයක හෝ කල්බදු ගිවිසුමක අදාල ඕනෑම් විශේෂිත සාධනපත්‍රයක් සදහා ගෙවියයුතු මුද්දර ගාස්තුව, ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාකාවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් අංක 7041555 දරන ගිනුමට බැරකළ යුතුය. බැංකුව විසින් එම ගෙවීම සදහා නිකුත්කරනු ලබන සහතිකය අදාල සාධනපත්‍රයට ඇමිණිය යුතුය.
  3. බලයලත් තැනැත්තෙකු විසින් මුද්දර ගාස්තු සමතයකට පත්කිරීම සමතයකට පත්කරන ලද මුද්දර ගාස්තු ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාකාවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් අංක 4153842 දරන ගිනුමට බැරකළ යුතුය

සෑම කාර්තුවක් සදහාම දේශීය ආදයම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති, පද්ධතිය මගින් මුද්‍රිත ගෙවීම් පත්‍රිකා එකී කාර්තුවේ මුද්දර බදු බැදියාව නිරවුල් කිරීම සදහා භාවිතා කරන්න. පද්ධතිය මගින් මුද්‍රිත ගෙවීම් පත්‍රිකා නොමැති අවස්ථාවකදී ලබාගන්නා ලද ගෙවීම් පත්‍රිකාවේ ආදාළ ගෙවීම් කාලච්ඡේද කේතය නිවැරදිව ඇතුලත් කරන ලෙසට උපදෙස් දෙනු ලැබේ.

උදා.

කාලච්ඡේදය
කාලච්ඡේද කේතය
2020/09/30 න් අවසන් වන කාර්තුව සදහා
20090
2021/12/31 න් අවසන් වන කාර්තුව සදහා
21120

 

බාගතකිරීම්​​​​​​​

 

අ​කෘති පත්‍ර

අයදුම් පත්‍ර​​​​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 26-01-2021