Skip Ribbon Commands
Skip to main content
Tourist VAT Refund Scheme (TVRS)
මුල් පිටුව :: බදු වර්ග :: සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය (TRVS)
 

ශ්‍රී ලංකාවේ සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් විසින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා වැට් බදු ආපසු ගෙවීමට, සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය හදුන්වා දෙන ලදී.

2002 අංක 14 දරන එකතු කල අගය මත බදු පනතේ 58අ වගන්තිය සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් හා මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය ප්‍රකාරව, සංචාරක බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය (TRVS) 2018 සැප්තැම්බර් 11 වන දින සිට ක්‍රියාත්මක කරන ලදී.

TRVS යටතේ ආපසු ගෙවීම සඳහා වන යෝග්‍යතාවය

TRVS යෝග්‍යතාවය සඳහා සංචාරකයින් විසින් පහත නිර්ණායකයන් සපුරාලිය යුතුය:

  • ශ්‍රී ලංකාවේ පුරවැසි නොවන සහ වාසික නොවන පුද්ගලයෙකු විය යුතුය.
  • වීසා වර්ගය - ශ්‍රී ලංකා ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කල සංචාරක වීසා
  • ශ්‍රී ලංකාවට පැමිණි දිනය වයස අවුරුදු දහ අට (18) සපුරා සිටිය යුතුවීම
  • ආපසු ගෙවීම් ඉල්ලුම් කරන දිනට දින අනුවක (90) හෝ ඊට අඩු කාලයක් ශ්‍රී ලංකාව තුල රැදී යිට ඇති බව
TRVS සඳහා අදාළ වන කොන්දේසි
  • ඕනෑම බලයලත් සිල්ලර වෙළෙන්දෙකුගෙන් එකතු කල අගය මත බදු බැදීමට යටත් අවම වශයෙන් ලංකා රුපියල් 50,000 ක වටිනාකමින් යුතු (එකතු කල අගය මත බදු රහිත) භාණ්ඩ සංචාරකයෙකු විසින් මිලදී ගෙන තිබීම අවශ්‍ය වන අතර එය එම සිල්ලර වෙළෙන්දා විසින් එකම දිනක දී නිකුත් කරන ලද උපරිම වශයෙන් වෙළද ඉන්වොයිසි තුනකින් (3) වත් සමන්විත විය යුතු අතර, ගමන් බලපත්‍රය සමඟ වෙළද ඉන්වොයිසි සැපයීම මඟින් එම බලයලත් සිල්ලර වෙළෙන්දාගෙන්ම සංචාරක වැට් ආපසු ගෙවීම් ඉන්වොයිසියක් ලබා ගත හැක.
  • සංචාරක වැට් ආපසු ගෙවීම් ඉල්ලුම් කල යුත්තේ TRVS අයදුම් පත්‍රයක් භාවිතා කිරීමෙන්ය.
  • එම භාණ්ඩ බඩුබාහිරාදිය හෝ අතේ ගෙනියන ගමන් මළු හරහා ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන යන ඒවා විය යුතුය.
  • (ඉහත ඉන්වොයිසි මඟින් ප්‍රකාශිත භාණ්ඩ රේගුවේදී භෞතික සත්‍යාපනයට භාජනය කිරීමට ඉඩ සැලසීය යුතු බව කාරුණිකව සලකන්න)

භාණ්ඩ මිලදී ගත හැකි ස්ථානය

මෙම ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වූ බලයලත් සිල්ලර වෙළෙන්දෙකුගෙන්, භාණ්ඩ මිලදී ගත හැකිය. වෙළඳසැල් හඳුනා ගැනීම සඳහා, පහත ලාංඡන එම වෙළඳසැල්වල ප්‍රදර්ශනය කර ඇත.

 
TRVS යටතේ ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන භාණ්ඩ

පහත සඳහන් භාණ්ඩ හැර එකතු කල අගය මත බදු අය කර ඇති සියලුම භාණ්ඩ, ආපසු ගෙවීම් ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් ලබයි;

  • ශ්‍රී ලංකා රේගු ආඥාපනත පනත යටතේ තහනම් කර තහනම් කර ඇති භාණ්ඩ.
  • එකතු කල අගය මත බදු නිදහස් කර ඇති භාණ්ඩ (එකතු කල අගය මත බදු නොගෙවන)
  • සම්පූර්ණ/අර්ධ වශයෙන් ශ්‍රී ලංකාවේදී පරිභෝජනය කර ඇති භාණ්ඩ (උදාහරණ -ආහාර, පානීය බීම වර්ග)
  • පරිභෝජනය කල සේවාවන් (උදාහරණ - හෝටල් ගාස්තු)
  • මාර්ගගතව මිලදී ගෙන ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙනයන භාණ්ඩ.
  • නියමිත අයඳුම් පත්‍රය සමඟ TRVS කවුන්ටරය වෙත පරික්ෂා කිරීම සඳහා ඉදිරිපත් කර නොමැති භාණ්ඩ.
TRVS යටතේ ආපසු ගෙවීම් ඉල්ලුම් කල හැකි ස්ථානය

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයෙහි, පිටවුම් පර්යන්තයේ පිහිටා ඇති TRVS කවුන්ටරය.

බාගත කරගැනීම් (Downloads)​

සංචාරකයින් සඳහා වන TVRS ලේඛන

​​​​​සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ අයදුම් පත්‍රය සහිත අත්පොත
​​​

වෙළෙන්දන් සඳහා වන TVRS ලේඛන

සංචාරක වැට් බදු ආපසු ගෙවීම ක්‍රමවේදය යටතේ වෙළෙන්දන් ලියාපදිංචිය සඳහා වන අයදුම් පත්‍රය​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 28-12-2018