Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: බදු වර්ග :: එකතු කළ අගය මත බද්ද (VAT)
 

එකතු කළ අගය මත බද්ද

එකතු කළ අගය මත​ බද්ද 2002 අංක 14 දරණ පනත මඟින් හඳුන්වා දෙන ලද අතර එය 2002 අගෝස්තු 01 වැනි දින සි​ට බල පැවැත්වේ. භාණ්ඩ හා සේවා බද්ද වෙනුවට එකතු කළ අගය මත බද්ද පනවන ලද අතර එය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත අය කරන බද්දකට බොහෝ සෙයින් සමාන වේ.

එය දේශීය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත පනවන ලද බද්දකි. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ හා ශ්‍රී ලංකාවේ දේශසීමාව තුල සපයනු ලබන භාණ්ඩ හා සේවා මෙම බද්දෙහි විෂය පථයට ඇතුලත් වේ. මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදී ම වර්ධක අගය මත අයකරනු ලබන විවිධ අදියරයන්ගෙන් සමන්විත බද්දකි.

බද්ද අවසාන වශයෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා විසින් දරනු ලැබේ. එය වක්‍ර බද්දක් වන අතර නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම් කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ දී රජයට ලැබේ. ​​

මෙම බද්දෙන් නිදහස් වූ ඇතැම් භාණ්ඩ හා සේවා ද පවතී. ( එකතුකල අගය මත බදු පනතේ  I උපලේඛනයේ  II කොටසේ  දක්වා ඇති පරිදි )​

​​​

අණ පනත්

2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත (2002 ජූලි 26 වැනි දින සහතික කරන ලදී)
2003 අංක 07 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2003 පෙබරවාරි 27 වැනි දින සහතික කරන ලදී)
2004 අංක 13 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2004 නොවැම්බර් 18 වැනි දින සහතික කරන ලදී)
2005 අංක 06 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2005 මාර්තු 30 වැනි දින සහතික කරන ලදී)
2006 අංක 08 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2006 මාර්තු 31 වැනි දින සහතික කරන ලදී)
2007 අංක 14 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2007 අප්‍රේල් 12 වැනි දින සහතික කරන ලදී)
2008 අංක 15 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2008 පෙබරවාරි 29 වැනි දින සහතික කරන ලදී)
2009 අංක 15 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2009 මාර්තු 31 වැනි දින සහතික කරන ලදී)
2011 අංක 09 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2011 මාර්තු 31 වැනි දින සහතික කරන ලදී)
2012 අංක 07 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2012 මාර්තු 30 වැනි දින සහතික කරන ලදී)
2013 අංක 17 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2013 අප්‍රේල් 24 වැනි දින සහතික කරන ලදී)
2014 අංක 07 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2014 අප්‍රේල් 24 වැනි දින සහතික කරන ලදී)
ඒකාබද්ද කල 2002 අංක 14 දරණ එකතු කරනලද අගය මත බදු පනත (ඉංග්‍රීසි පමණි) (2014 අප්‍රේල් 30 දක්වා සංශෝධන සහිත)
2015 අංක 11 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2015 ඔක්තොබර් 30 දින සහතික කරන ලදී.)
2016 අංක 20 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2016 නොවැම්බර් 1 දින සහතික කරන ලදී.)
2018 අංක 25 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2018 අගෝස්තු 16 දින සහතික කරන ලදී.)
2019 අංක 19 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2019 ඔක්තෝබර් 31 දින සහතික කරන ලදී)
2021 අංක 09 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2021 මැයි 13 දින සහතික කරන ලදී.)
2022 අංක 13 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2022 මාර්තු 31 දින සහතික කරන ලදී.)
2022 අංක 44 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2022 දෙසැම්බර් 14  දින සහතික කරන ලදී.)
2023 අංක 32 දරණ එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත (2023 දෙසැම්බර් 13 දින සහතික කරන ලදී.)
එකතු කළ අගය මත බද්ද සඳහා බැඳියාව (මූල්‍ය සේවා හැර)
  • නිෂ්පාදකයින්​
  • ආනයනකරුවන්
  • සේවා සපයන්නන්
  • ටෙන්ඩර් ගිවිසුම් යටතේ භාණ්ඩ සපයන සැපයුම්කරුවන්
  • තොග හා සිල්ලර ව්‍යාපාර
ලියාපදිංචි විය යුතු සීමාව
  • යම් තැනැත්තෙකුගේ තොග සහ සිල්ලර වෙළඳාමද ඇතුළුව එහෙත් මූල්‍ය සේවා සැපයීම හැර බදු අයකළ හැකි භාණ්ඩ හෝ සේවා සැපයුම්වල වටිනාකම (2022.10.01 දින සිට බලපැවැත්වෙන පරිදි)
    • කාර්තුවකට රු. මිලියන 20 ඉක්මවා ඇත්නම් හෝ, වර්ෂයකට රු. මිලියන 80 ඉක්මවා ඇත්නම්
  • නිශ්චිත ආයතනයක් හෝ යම් තැනැත්තෙකු විසින් සපයන මූල්‍ය සේවාවල සැපයුම් වටිනාකම
    • කාර්තුවකට රු. මිලියන 3 ඉක්මවා ඇත්නම් හෝ, වර්ෂයකට රු. මිලියන 12 ඉක්මවා ඇත්නම්
  • ස්වෙච්ඡාවෙන් ලියාපදිංචි වීම
    • බද්දට යටත් ක්‍රියාකාරකමක් කරගෙන යනු ලබන යම් තැනැත්තෙකුට, ඔහුගේ බද්දට යටත් සැපයුම්වල වටිනාකම ලියාපදිංචි වීමට අවශ්‍ය සීමාවට වඩා අඩු වුවද, ස්වෙච්ඡාවෙන් ලියාපදිංචි ‌වීමේ ක්‍රමය යටතේ ලියපදිංචිය සඳහා ඉල්ලීමක් කළ හැකිය
එකතු කළ අගය මත බදු අනුප්‍රමාණ
  • ශුන්‍ය අනුප්‍රමාණය (0%)
    1. අපනයන
    2. අපනයන හෝ මුළු යෙදවුම් වටිනාකමින් සියයට හැටකට (60%) නොඅඩු ප්‍රමාණයක් දේශීය සැපයුම් වලින් ප්‍රභවය වන්නේ නම්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්, ආගන්තුක නිවාස, ආපනශාලා හෝ සමාන සේවා සපයන අනෙකුත් ඒ හා සමාන ආයතන විසින් සපයන සේවා (2019.12.01 දින සිට 2022.05.31 දින දක්වා)
  • සම්මත අනුප්‍රමාණය
    1. 2022.06.01 දිනට පෙර - 8%
    2. 2022.06.01 දින සිට 31.08.2022 දින දක්වා - 12%
    3. 2022.09.01 දින සිට 15%
  • ඉහල අනුපාතය - මූල්‍ය සේවා මත
    1. 2022.01.01 දිනට පෙර - 15%
    2. 2022.01.01 දින සිට - 18%
එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීම​

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි ප්‍රාථමික ලියාපදිංචි කිරීමේ අංශයෙන් බදු ගෙවන්නා හැඳින්වීමේ අංකය සහ බදු ලියාපදිංචි කිරීමේ අංශයෙන් එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචිය හෝ දෙපාර්තමේන්තුවේ ළඟම ඇති ප්‍රාදේශීය කාර්යාලයෙන් ලියාපදිංචිය ලබා ගත යුතුය.

ලියාපදිංචි වීම සඳහා යටත් වන දින සිට දින 15 කට වඩා ප්‍රමාද නොවන පරිදි බදු වර්ගය සඳහා ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය (TPR_005_S) මඟින් අයදුම් කළ යුතුය.​

ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය කෙරෙන ලියකියවිලි
  • TIN සහතිකය
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
  • සීමිත වගකීම් සහිත සමාගමක් සම්බන්ධයෙන්
    • සාංගමික සංස්ථාපත්‍රය සහ සාංගමික ව්‍යවස්ථාවලිය
    • අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුව   ​
    • සංස්ථාගත කිරීමේ සහතිකය
  • ව්‍යාපාරය හිමිකරුගේ/ අධ්‍යක්ෂවරුන්ගේ ජාතික හැඳුනුම් පත් පිටපත්   ​
  • පිරිවැටුම සනාථ කිරීම සඳහා විකිණුම් විස්තර සහ මුදල් ලැබීම් සනාථ කිරීම සඳහා මාසික බැංකු ප්‍රකාශ
  • අපනයනකරුවෙක් නම් අපනයන අඛණ්ඩව කරනු ලැබූ බවට සනාථ කිරීමේ ලිපි ලේඛණ
  • 22( 7) වගන්තිය යටතේ ලියාපදිංචිය සදහා
    • ව්‍යාපෘති සැලසුම
    • ආයෝජන මංඩලය සමග වූ ගිවිසුම, ඇත්නම්
    • දේපළ සම්බන්ධ කුලී හෝ බදු ගිවිසුම
    • ආයෝජන මංඩල නොවන ව්‍යාපෘති සදහා අරමුදල් මූලාශ්‍ර තහවුරු කිරීම
    • බලාපොරොත්තු වන භාණ්ඩ මිලදී ගැනීම් ලේඛනය
ලියාපදිංචි තැනැත්තෙකුගේ වගකීම්​
  • ව්‍යාපාරික ස්ථානයේ පැහැදිලිව පෙනෙන/දෘෂ්‍යමාන වන පරිදි ලියාපදිංචි කිරීමේ සහතිකය ප්‍රදර්ශනය කළ යුතුය. 
  • බදු ඉන්වොයිසි නිකුත් කිරීම (වෙනත් ලියාපදිංචි තැනැත්තන් සඳහා). 
  • අදාල කාල පරිච්ඡේද සඳහා ගිණුම් පවත්වාගෙන යෑම.
  • නියමිත දින හෝ එදිනට පෙර බදු ගෙවා වාර්තා ඉදිරිපත් කිරීම.
  • පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් යම් වෙනස්කම් වේ නම් දෙපාර්තමේන්තුව වෙත අප්‍රමාදව දැනුම් දීම.
    • හිමිකාරීත්වය
    • ව්‍යාපාරික ස්ථානය
    • ව්‍යාපාරයේ නම
    • ව්‍යාපාරයේ ස්වභාවය
එකතු කළ අගය මත බදු ගෙවීම

    භාණ්ඩ හෝ සේවා සපයන යම් තැනැත්තෙකු හෝ හවුල් ව්‍යාපාරයක්, අදාල මාසය සඳහා වූ ගෙවීම් පසුව එළඹෙන මාසයේ 20 වැනි දින හෝ එදිනට පෙර ගෙවීම් කළ යුතුය.

එකතු කළ අගය මත බදු වාර්තා ඉදිරිපත් කිරීම

නියමිත දින​ය :    

  • ක් එක් බදු අය කල හැකි කාල සීමාව අවසාන වීමෙන් පසු මාසයේ අවසන් දින හෝ එදිනට පෙර

භාරදිය යුත්තේ :


​​​

​​
අවසන් වරට යථාවත් කිරීම : 20-02-2023