Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: අප පිළිබඳව :: දේශීය ආදායම් ඉතිහාසය :: පසුකාලීන වර්ෂයන්හි දී සිදුවූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම්
 

පසුකාලීන වර්ෂයන්හි දී සිදුවූ රාජ්‍ය​ මූල්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම්

වසර ප්‍රතිපත්තිමය වෙනස්කම්​
1941 අතිරේක ලාභ බද්ද පැනවිණි.
1948 අතිරේක ලාභ බද්ද වෙනුවට ලාභ බද්ද හඳුන්වා දෙන ලදී.
1950 ලංකාව විසින් එක්සත් රාජධානිය සමග ප්‍රථම ද්විත්ව බදු සහන ගිවිසුම අත්සන් කරන ලදී.​
1958 කැල්ඩෝර් කොමිසමේ (Kaldor Commission) යෝජනා:
  • ප්‍රාග්ධන ලාභ මත බදුකරණය
  • ධන බද්ද පැනවීම
  • වියදම් බද්ද
  • ත්‍යාග බද්ද

එවකට පැවති දෙපාර්තමේන්තුව “දේශීය ආදායම් දෙපාර්තමේන්තුව” (Department of Inland Revenue) ලෙස, නම් කිරීම.
1961 ආදායම් බද්ද මත මත අධිභාරයක් හඳුන්වා දීම, ජාතික සංවර්ධන බද්ද, සහල් සහනාධාර බද්ද, අධි බද්ද, ව්‍යාපාර සහ වෘත්තීන් ලියාපදිංචිය මත බද්ද සහ විකුණුම් බද්ද (දෙදිනකින් අවසන් විය).
1963 යාපනයේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය ස්ථාපනය කරන ලදී.
1963 අංක 11 දරන මුදල් පනත යටතේ ව්‍යාපාර පිරිවැටුම් බද්ද හඳුන්වා දීම.
1964 පළමු බදු පොදු සමාව (amnesty) හඳුන්වා දීම.
1971 අනිවාර්ය ඉතුරුම් බද්ද බලපැවැත්විනි.
උපයන විට ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙන ලදී.
ප්‍රාග්ධන බද්ද හඳුන්වාදෙන ලදී.
1972 ස්වතක්සේරු ක්‍රමය හඳුන්වා දීම.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරන ලදී. 
1974 දේශීය ආදායම් සේවය ස්ථාපනය කරන ලදී.
1979 1979 අංක 28 දරණ දේශීය ආදායම් පනත හදුන්වා දීම
ප්‍රවර්තන වසර පාදක බදුකරණය හඳුන්වාදෙන ලදී.(1979/80)
1983 පුනරුත්ථාපන බද්ද හඳුන්වා දීම.
1985 බූදල් බදු හා ත්‍යාග බදු ඉවත් කරන ලදී.
1986 පොළිය මත රදවාගැනීමේ බද්ද හඳුන්වාදීම.
1988 ඔට්ටු හා සූදු බදු පැනවීම.
සමාගම් බදුකරණයේ ආරෝපිතක්‍රමය (Imputation System) ක්‍රියාවට නැංවීම.
1991 තොග වෙළෙඳාම සහ සිල්ලර වෙළෙඳාම මත පිරිවැටුම් බද්ද පළාත් සභා වෙත පැවරීම.
1992 නිශ්චිත ගාස්තු මත රඳවාගැනීමේ බද්ද හඳුන්වාදීම.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිඝණක ගත කිරීම ආරම්භකරන ලදී.
ජාතික ආරක්ෂක බද්ද (NSL) හඳුන්වාදීම.
1998 භාණ්ඩ හා සේවා බද්ද හඳුන්වාදීම (පිරිවැටුම් බද්ද වෙනුවට). 1998-01-01 සිට ක්‍රියාත්මක වූ අතර ලියාපදිංචිය සඳහා නිදහස් සීමාව කාර්තුවකට රු. 500,000/- හෝ වර්ෂයකට රු. 1,800,000/- වූ අතර බදු අනුප්‍රමාණය 12.5% විය.
2000 2000 අංක 38 දරණ දේශීය ආදායම් පනත ගෙන ඒම.
2002
  • එකතුකල අගය මත බද්ද (VAT) හඳුන්වාදීම. (භාණ්ඩ හා සේවා බද්ද සහ ජාතික ආරක්ෂක බද්ද ඉවත්කිරීමෙන්). ආරම්භයේදී ලියාපදිංචිය සඳහා බදු නිදහස් සීමාව කාර්තුවකට රු. 500,000 හෝ වර්ෂයකට රු. 1,800,000 වූ අතර බදු අනුප්‍රමාණයන් 03 ක් හඳුන්වා දෙන ලදී. එනම්, ශුන්‍ය (0%), 10% සහ 20%.
  • මුද්දර බද්ද ඉවත් කරන ලද අතර හර බද්ද හඳුන්වාදෙන ලදී.
2003 බැංකු සහ මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බද්ද හඳුන්වාදෙන ලදී.
2004
  • 2004 අංක 11 දරණ මුදල් පනත මඟින් ආර්ථික සේවා ගාස්තු හඳුන්වා දෙන ලදී.
  • 2004 -01-01 දින සිට ක්‍රියාත්මක පරිදි එකතු කළ අගය මත සම්මත බදු අනුප්‍රමාණය 15% කළ අතර 2004-11-19 දින සිට ක්‍රියාත්මක පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් මත 5% මූලික අනුප්‍රමාණයට බද්දට යටත් කරන ලදී.
2005
  • 0.2% අනුප්‍රමාණයට සෑම ගැනුම්කරුවෙක්ම සහ විකුණුම්කරුවෙක්ම කොටස් ගණුදෙනු බද්දට යටත් කරන ලදී.
  • ගෙවීය යුතු බද්ද මත 0.25% සමාජ වගකීම් බද්ද හදුන්වා දෙන ලදි.
  • රාජ්‍ය නොවන සංවිධාන වල ලැබීම් වලින් 3% ක් මත 30% අනුප්‍රමාණයට බද්දක් පනවන ලදී.
  • සුඛෝපභෝගී භාණ්ඩ මත එකතු කළ අගය මත බදු අනුප්‍රමාණය 2005-01-01 දින සිට 2005-08-01 දක්වා 18% ක් ලෙස සහ 2005-08-02 වැනි දින සිට 20% ක් ලෙස දෙවරක් සංශෝධනය කරන ලදී.
  • බදුගෙවන්නන් දිරිමත් කිරීම අරමුණු කොටගෙන 2005-11-02 වැනි දින සිට වරප්‍රසාද කාඩ් පත් නිකුත් කිරීම ආරම්භ කරන ලදී.
2006
  • 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත ගෙන ඒම.
  • 2006 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු පනත සම්මත වීම.
  • 2006/07 තක්සේරු වර්ෂයේ සිට ක්‍රියාත්මක පරිදි සමාජ වගකීම් බද්ද 1% දක්වා වැඩි කරන ලදී.
  • දේශීය ආදායම් පනතට පැවරුම් මිළ සහ පටු ප්‍රාග්ධනීකරණය (Thin Capitalization) යන මූලධර්ම හඳුන්වා දෙන ලදී.
  • මුද්දර බද්ද නැවත හඳුන්වා දෙන ලදී.
2007
  • බෙදීය හැකි ලාභයෙන් 25% කට වඩා අඩුවෙන් ලාභාංශ ප්‍රකාශ කළ සමාගම් මත 15%ක උද්දේශිත ලාභාංශ (deemed dividend) බද්දක් පනවන ලදී.
  • රු. 600,000 කට වැඩි බෙදීය හැකි ලාභයක් සහිත හවුල් ව්‍යාපාර මත 10%ක අනුප්‍රමාණයක බද්දක් පනවන ලදී.
  • 2007-01-01 දින සිට ක්‍රියාත්මක පරිදි එකතු කළ අගය මත බද්දට අදාල යෙදවුම් බදු බැර නිමවුම් බද්දෙන් 85% කට සීමා කරන ලදී.
  • රජයේ ආයතන විසින් කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට එකතු කළ අගය මත බදු ගෙවීමේදී එයින් 1/3 ක රඳවා ගැනීමේ බද්දක් හඳුන්වා දෙන ලදී.
  • පිරිවැටුම රු. මිලියන 2.5 නොඉක්මවන ලියාපදිංචි නොවූ තැනැත්තන් වෙත 5% ක ආපසු නොගෙවන විකල්ප එකතු කළ අගය මත බද්දක් හඳුන්වා දෙන ලදී.
  • වාර්ෂික පිරිවැටුම රු. මිලියන 1.8 -2.5 අතර තනැත්තන් සඳහා විකල්ප එකතු කළ අගය මත බද්දක් හඳුන්වාදෙන ලදි.​
2008 2008-04-01 දින සිට සමාජ වගකීම් බද්ද 1.5% දක්වා ඉහළ දමන ලද අතර පුද්ගල ආදායම් බද්දෙන් සමාජ වගකීම් බද්ද ඉවත් කරන ලදී.
2009
  • ජාතිය ගොඩනැගීමේ බද්ද ( NBT) හඳුන්වාදීම. 2009-02-01 දින සිට 1% ක් ලෙස පැනවූ අතර එය 2009-05-01 දින සිට 3% දක්වා ඉහළ දමන ලදී.
  • ආර්ථික සේවා ගාස්තු සඳහා අදාල බදු නිදහස් සීමාව රු. මිලියන 30 දක්වා වැඩි කරන ලදී.
  • එකතු කළ අගය මත බදු සම්මත බදු අනුප්‍රමාණය 12% ක් ලෙස සංශෝධනය කරමින් 5% මූලික අනුප්‍රමාණය අහෝසි කරන ලදී.
  • එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචිවීමේ බදු නිදහස් සීමාව කාර්තුවකට රු.650,000 ක් හෝ වර්ෂයකට රු. 2,500,000 දක්වා වැඩි කරන ලදී.
  • විකල්ප එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි කිරීමේදී නිදහස් සීමාව රු. 3,000,000 දක්වා වැඩි කරන ලදී.
2011
  • 2001-04-01 දින සිට ක්‍රියාත්මක පරිදි බදු අභියාචනා කොමිසම ආරම්භ කරන ලදී.
  • පුද්ගල ආදායම් බදු සඳහා වාසික දීමනාව රු. 500,000 දක්වා ඉහළ දමන ලදී.
  • සරළ කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT System) හඳුන්වා දෙන ලදී.
  • එකතු කළ අගය මත බදු සඳහා වූ 85% යෙදවුම් බදු සීමාකිරීම ඉවත් කරන ලදී.
  • ජාතිය ගොඩනැඟීමේ බදු අනුප්‍රමාණය 2% දක්වා අඩු කරන ලද අතර තොග සහ සිල්ලර වෙළෙඳ ව්‍යාපාර දක්වා ව්‍යාප්ත කරන ලදී.
  • ආර්ථික සේවා ගාස්තු සඳහා ලියාපදිංචිවීමේ නිදහස් සීමාව කාර්තුවකට රු. 25,000,000 දක්වා වැඩි කරන ලදී.
  • හර බද්ද ඉවත් කිරීම (2011.04.01)
  • විශේෂිත ගාස්තු සහ ව්‍යාපාර කුළී මත රඳවාගැනීමේ බද්ද ඉවත් කිරීම (2011.04.01)
  • එකතුකළ අගයමත බදු අත්තිකාරම් ගෙවීම් ඉවත්කිරීම. (2011 ජනවාරි 01 )
  • සමාජ වගකීම් බද්ද ඉවත් කිරීම ( SRL ) - (ආදායම් බද්දට අදාලව - 2011.04.01)
  • ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන බද්ද ඉවත් කිරීම (RIDL) (2011 ජනවාරි 01)
  • පළාත් සභා විසින් රැස්කරන ලද පිරිවැටුම් බද්ද (TT) ඉවත් කිරීම (2011.01.01)
2012
  • බදු අයකල හැකි ආදායමක් හෝ බදු අලාභ ඇති තැනැත්තන් හෝ හවුල් ව්‍යාපාර සඳහා පමණක් අදාල වන සේ ආර්ථික සේවා ගාස්තු අයකිරීම ලියාපදිංචි සීමාව රු. මිලියන 50 දක්වා වැඩි කරන ලදි.
  • ඔට්ටු හා සූදූ බදු ඉහල දමන ලද අතර දළ එකතුව මත 5% ගාස්තුව ලියාපදිංචි අවශ්‍යතාවය සඳහා හඳුන්වාදෙන ලදී.
2013
  • එකතුකල අගයමත බද්ද සදහා ලියාපදිංචිවීම සම්බන්ධව සහ ජාතිය ගොඩනැගීමේ බද්ද සදහා නිදහස් සීමාව රු.මිලියන 12 දක්වා ඉහල දමන ලදී.
  • ලිත් වර්ෂයක් තුලදි යම් මාස තුනක කාලයක් සදහා රු. මිලියන 500 ට අඩු නොවන (බදු නිදහස් සැපයීම් ද ඇතුලත්ව) සැපයීම් ඇති තොග සහ සිල්ලර වෙළඳාමෙහි නිරත ව්‍යාපාර එකතු කළ අගය මත බද්ද සදහා ලියාපදිංචියට යටත් කිරීම.
  • හවුල් ව්‍යාපාර සදහා බද්දට යටත් සීමාව රු. 1000‍්,000 දක්වා වැඩි කරන ලදි.
2014
  • සේවා නියුක්තියෙහි නියැලි සුදුසු කම් ලත් වෘත්තිකයින්ගේ සේවා නියුක්තියෙන් ලබන ආදායමට අදාල ආදායම් බදු අනුප්‍රමාණය 16% නොඉක්මවන ලෙසට සීමා කිරීම.
  • තොග හා සිල්ලර වෙළෙඳාම සම්බන්ධයෙන් එකතු කළ අගය මත බද්දට අදාල ලියාපදිංචිය සදහා බදු නිදහස් සීමාව කාර්තුවකට රු. මිලියන 250 දක්වා අඩු කිරීම.
2015
  • එකතු කළ අගය මත බදු අනුප්‍රමාණය 11% දක්වා අඩු කිරීම.
  • එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචියට සහ සහ ජාතිය ගොඩනැඟීමේ බදු සදහා අදාල බදු නිදහස් සීමාව වර්ෂයකට රු. මිලියන 15 දක්වා වැඩි කිරීම.
  • තොග හා සිල්ලර වෙළෙඳාම සම්බන්ධයෙන් එකතු කළ අගය මත බද්දට අදාල බදු නිදහස් සීමාව කාර්තුවකට රු. මිලියන 100 දක්වා අඩු කිරීම.
  • සේවා නියුක්තිකයින් සදහා වූ ස්ථාවර සුදුසුකම් ලබන දීමනාව රු. 250‍්,000 දක්වා වැඩි කරන ලදී.
  • සියලූම සේවා නියුක්තිකයන්ගේ සේවා නියුක්ති ආදායම මත ආදායම් බදු අය කිරීම 16% උපරිම අනුප්‍රමාණයට සීමා කරන ලදී.
  • ඔට්ටු හා සූදු බදු සඳහා අදාල දළ ලැබීම් මත බදු අනුප්‍රමාණය 10% ලෙස සංශෝධනය කිරීම.
  • කැසිනෝ සමාජ ශාලාවකට ඇතුල් වන එක් පුද්ගලයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 100 ක ඇතුල්වීමේ ගාස්තුවක් බදු වශයෙන් අය කිරීමට තීරණය කිරීම.
  • මත්පැන්, සිගරට් සහ මොටර් රථ සඳහා අය කළ එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැඟීමේ බද්ද වෙනුවට මත්පැන් සහ සිගරට් සඳහා සුරා බද්දක් සහ මොටර් රථ ආනයනය කිරීමේදී රේගු බද්දක් ද පනවන ලදී.
  • යම් පුද්ගලයෙක්, සමාගමක්, හෝ සමූහ ව්‍යාපාරයක් 2013/14 තක්සේරු වර්ෂයේදී රුපියල් මිලියන 2,000ක් ඉක්මවා ලාභ උපයා තිබේ නම් එක් වරක් පමණක් කෙරෙන ගෙවීමක් ලෙස ලාභය මත 25% ක සුපිරි ලාභ බද්දක් පනවන ලදී.​​​
අවසන් වරට යථාවත් කිරීම : 29-05-2015