Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ප්‍රකාශන :: පොදු රීති නියමනයන්

කොමසාරිස් ජනරාල්වරයාගේ පොදු රීති නියමනයන්

මහජනතාව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත මඟ පෙන්වීමක් සලසා දීමේ අරමුණින්, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 104 වන වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් පොදු රීති නියමනයන් සපයනු ලැබේ.

එමඟින්, අදාළ බදු නීති ප්‍රතිපාදන, අදාළ කර ගත යුතු ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සම්න්ධව කොමසාරිස් ජනරාල්ගේ අර්ථ දැක්වීම විදහා පෙන්වනු ලැබේ. එවැනි පොදු රීතියක් ඇතැම් විට මුළුමනින්ම හෝ කොටසක් වශයෙන්, ඉවත්කර ගැනීමේ දැන්වීමක් හෝ නව රීතියක් ප්‍රසිද්ධ කිරීම මඟින් හෝ ඉවත් කර ගැනීමට ඉඩ ඇත.

ආදායම් බදු (IT)

විදේශ ව්‍යවහාර මුදලින් දැක්වෙන දේශීය සහ ජාත්‍යන්තර ගනුදෙනුවලින් පැන නඟිනු ලබන විදේශ විනිමයෙන් වන ලැබීම් හා අලාභ බද්දට යටත්වන ආකාරය සම්බන්ධයෙන් 2017 අංක 24 දරන දේශිය ආදායම් පනත සහ අදළ සංශෝධනයන්හි විධිවිධාන අදළවන ආකාරය පිළිබඳව වන මාර්ගෝපදේශය. - (PR/IT/2023/01)
භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනයෙන්, ශ්‍රී ලංකාවෙන් පිටත යම් තැනැත්තෙකුට උපචිත වන හෝ එම තැනැත්තා විසින් උපයාගනු ලබන පොළී ආදායම සම්බන්ධව, 2021 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් සංශෝධිත, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධි විධානයන් අදාල වන ආකාරය පිළිබඳව වන මඟ පෙන්වීම.  - (PR/IT/2022/01)
ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කිරීම සඳහා, අප්‍රේල් මස පළමු වන දිනයෙන් ආරම්භ වී ඉක්බිතිවම එළ‌‌ඹෙන වර්ෂයේ මාර්තු මස තිස් එක් වන දිනයෙන් අවසන් වන මාස දොළහක කාල සීමාව හැර වෙනත් විකල්ප මාස දොළහක කාල සීමාවක් මත පදනම්ව ගිණුම් ඉදිරිපත් කරනු ලබන තැනැත්තකු සම්බන්ධයෙන්  2021 අංක 10  දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් සංශෝධිත 2017 අංක 24 දරණ දේශීය ආදායම්  පනතේ  විධිවිධාන අදාළ වන ආකාරය පිළිබද වන මඟ පෙන්වීම - (PR/IT/2021/01)
යමි පුද්ගලයෙකුට සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම ගණනය කිරීමේදී, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 5 වන වගන්තියේ 3 වන උප වගන්තියේ (ඇ) ඡේදයෙහි සඳහන් කර ඇති බැහැර කල යුතු අයිතමයන් අදාල කර ගැනීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශකත්වය (PR/IT/2018/02_E)
තක්සේරු වර් ෂ හැර වෙනත් කාල පරිච්ඡේදයක් සඳහා ඔවුන්ගේ ගිණුම් සකස් කිරීම සඳහා දැනටමත් දැනටමත් කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය ලබාගෙන ඇති බදු ගෙවන්නන් සඳහා දේශීය ආදායම් ප්‍රතිපාදන - (PR/IT/2019/01_S)
තනි පුද්ගලයන් විසින් සේවාවන් සපයනු ලබන අවස්ථාවකදී රඳවා ගැනීමේ බද්ද අඩු කිරීම සමිබන්දයෙන් වන දේශීය ආදායම් ප්‍රතිපාදන සඳහා මාර්ගෝපදේශය - (PR/IT/2018/02_S)
2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ ගිණුම්කරණ කාලය වෙනස් කිරීමට අනුමැතිය ලබා දුන් බදු ගෙවන්නන් සඳහා 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු වාරික ගෙවීම් සඳහා නියමිත දිනයන්. - (PR/IT/2018/01_S)
අවසන් වරට යථාවත් කිරීම : 12-08-2021