Skip Ribbon Commands
Skip to main content
VAT Refund Procedure
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: එකතුකළ අගය මත බදු ආපසුගෙවීමේ ක්‍රියාපටිපාටිය

එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම් ක්‍රියාපටිපාටිය

එකතු කළ අගය මත බදු ලියාපදිංචි තැනැත්තන් විසින් එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම් ඉල්ලා සිටිය හැක.  නමුත් ආනයන කර නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය නොකර විකිණීම සදහා ගෙන්වූ භාණ්ඩ සඳහා රේගු දෙපාර්තමේන්තුව විසින් එකතු කරන ලද එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සිදු කරනු නොලැබේ.  එසේම වාණිජ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම එනම්, ව්‍යාපෘතිය කරගෙන යන කාලය අතරතුරදී යම් තැනැත්තෙකු 22(7) වගන්තිය‍ යටතේ ලියාපදිංචි වී ඇතිනම් ව්‍යාපෘතියට අදාළ භාණ්ඩ හා සේවා මිලට ගැනීම මත ගෙවන ලද යම් යෙදවුම් බද්දක් බද්දට යටත් පිරිවැටුමක් නොමැති වුවද, ආපසු ගෙවීමක් ලෙස ඉල්ලා සිටිය හැක. ​

ලියාපදිංචි පුද්ගලයෙක් වෙත නිකුත් කරන ආපසු ගෙවීම කොටස් දෙකකින් එනම් කොටසක් බැර වවුචර් පත් මගින් සහ ඉතිරිය චෙක්පතකින් සිදුකල හැකිය.

බදු විලම්භනය කිරීම ආනයනය කරන අවස්ථාවේ දී සිදු කරනු ලැබේ. පනතේ වගන්ති වලට අනුව එම පහසුකම් ලබාගත් පුද්ගලයන්ට එකතු කළ අගය මත බදු ගෙවීම් නොකර ආනයනය සිදු කළ හැක. මෙම විලම්භනය කළ බද්ද සඳහන් කිරීම සඳහා එකතු කළ අගය මත බදු වාර්තාවේ ආනයනය දක්වන කොටුවේ වෙනම තීරුවක් දක්වා ඇත. එසේ විලම්භනය කරන ලද බද්ද සඳහා බැර වවුචර්පත් නිකුත් කරනු ඇත.

පහත සඳහන් ගණයන් යටතේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන් සඳහා ආපසු ගෙවීම් ඉල්ලා සිටිය හැක.

  • අපනයනකරුවන් හෝ එකතු​ කළ අගය මත බදු පනතේ 7 වන වගන්තිය යටතේ ශුන්‍ය අනුප්‍රමාණයට යටත් සේවා සපයනනෙක්,
  • තමන් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ අපනයනකරුවෙක් වෙත සපයනු ලබන නිෂ්පාදකයෙක්,
  • අපනයනකරුවෙකුට නිෂ්පාදනය කරන ලද භාණ්ඩයක තත්වය, ස්වරූපය සහ අගය වැඩිදියුණු කිරීම සඳහා සපයන ලද එකතු කළ අගය සහිත සේවා සපයන්නෙක්,
  • 22(7) වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල් විසින් අනුමත කළ ව්‍යාපෘතියක් (ව්‍යාපෘතිය කරගෙන යනු ලබන කාලසීමාව අතරතුර ),
  • විශේෂිත ව්‍යාපෘතියක නියැලෙන පුද්ගලයෙක්,
  • විශේෂිත ව්‍යාපෘතියක හෝ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියකට භාණ්ඩ හෝ සේවා සපයන්නෙක්.

එසේම ඉහත පුද්ගලයන් සරල කරන ලද බදු ක්‍රමය යටතේ ලියාපදිංචි හදුනාගත් මිලදීගන්නන් ලෙස ලියාපදිංචි විය හැකි අතර ඔවුන්ට එකතු කළ අගය මත බදු රහිතව භාණ්ඩ හා සේවා මිලදී ගත හැකිය.

පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමෙන් අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ආපසු ගෙවීම් නිකුත් කළ හැක.​

  • නිසිපරිදි සම්පූර්ණ කරන ලද එකතු කළ අගය මත බදු වාර්තා නියමිත දිනයන්හීදී නිවැරදි ස්ථානයට භාරදිය යුතුය.
    • විශේෂ ව්‍යාපෘති හෝ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති වලට අදාළ වාර්තා දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ දෙවන මහළේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්(එකතු කළ අගය මත බදු) වෙත භාරදිය යුතුය.
    • අනෙකුත් වාර්තා 7 වන මහළේ පිහිටි දත්ත සැකසුම් හා ආදායම් ගිණූම්ගත කිරීමේ අංශය වෙත භාරදිය යුතුය.
  • වාර්තාවල පහත සඳහන් අයිතමයන් නිවැරදිව සඳහන් කර ඇති බවට තහවුරු කළ යුතුය.
    • අදාළ කාලය තුළ ආනයනය කිරීම මත ඉල්ලා ඇති බදු බැර
    • අදාළ කාලය තුළ දේශීය මිලට ගැනුම් මත ඉල්ලා ඇති බදු බැර
    • අදාළ කාලය තුළ කරන ලද අපනයනයන්
    • අදාළ කාලය තුළ දී සිදු කළ අත්හිටුවන ලද විකුණූම්
  • පහත සඳහන් ලේඛන පිළියෙල කර එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම් අංශය විසින් ඉදිරිපත් කරන ලෙස දන්වන තෙක් ඔබ ළග තබාගත යුතුයි.
    • ආනයනයන් පිළිබඳ උප ලේඛනයක් (විලම්බිත සහ බද්දට යටත්) වාර්තාවක් සමඟ අදාළ කාලය සඳහා රේගු ලියවිලිවල මුල් පිටපත්
    • අපනයන පිළීබඳ උප ලේඛනයක් - වාර්තාවේ සඳහන් අපනයන දත්ත රේගු දත්ත හා සැසදේ නම් හෝ එම දත්ත වල වෙනස ප්‍රකාශිත දත්ත වලින් 10% කට වඩා අඩුනම්
    • අපනයන සැසදුමක් - වාර්තාවේ හා රේගු දත්ත නොසැසදේ නම් හෝ දත්තවල වෙනස ප්‍රකාශිත දත්තවලින් 10% වැඩි නම් 
  • අදාළ කාලය වෙනුවෙන් දේශීය මිලට ගැනීම් සඳහා උපලේඛනයක් සමඟ බදු ඉන්වොයිස්වල මුල් පිටපත්
  • ඉහත විස්තර එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම් අංශය විසින් ඉල්ලා ඇති අවස්ථාවකදී ඉහත උපලේඛන සහ ඉන්වොයිස් තහවුරු කර ගැනීම සඳහා බලයලත් නියෝජිතයෙකු ඉදිරිපත් කළ යුතුය.
  • ආපසු ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා පහත සඳහන් ​අවශ්‍යතා සම්පූර්ණ වී තිබිය යුතුය.
    • අත්හිටුවන ලද බදු පිළිබඳ තහවුරුවත්
    • ආපසු ගෙවීම් කටයුතු සම්බන්ධ නිලධාරියා විසින් සිදු කරන ලද ස්ථානීය පරීක්ෂාවකින් ව්‍යාපාරය පවතින බවටතහවුරු කිරීමක්​
    • බදු නිශ්කාෂණ සහතිකයක්
    • නිවැරදි බැංකු ගිණුමක විස්තර
  • ඉහත අවශ්‍යතා ​ සම්පූර්ණ කර තිබේ නම් ගැලපීමක් නොමැතිව ආපසු ගෙවීම නිකුත් කරනු ඇත.
  • අපනයන අගය, අත්හිටවු විකුණුම් සහ දේශීය මිලට ගැනීම් සම්බන්ධ ගැලපීමක් ඇතිවේ නම් ආපසු ගෙවීම ද ඒ අනුව ගලපනු ඇත.
  • අවසානයේ දී අදාළ බැංකු ගිණූම වෙත චෙක්පත නිකුත් කරනු ලැබේ. එසේම, බැර වවුචරය බදු ගෙවන්නා නම්න් නිකුත් කරනු ඇත.​
අවසන් වරට යථාවත් කිරීම : 28-04-2016