Skip Ribbon Commands
Skip to main content
Interpretations and Rulings 2018
මුල් පිටුව :: ප්‍රකාශන :: අර්ථ නිරූපණයන් සහ නියමයන්

අර්ථ නිරූපණයන් සහ නියමයන්

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත යට​තේ බදු නීති අර්ථ නිරූපණය කිරීමේ කමිටුව

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 107 වගන්තිය අනුව, මෙම පනත අදාලවීම සම්බන්ධයෙන් යම් පෞද්ගලික රීති නියමයක් නිකුත් කරන ලෙස බදු ගෙවන්නෙකු විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙතින් ඉල්ලීමක් කරනු ලැබිය හැකිය.​

මෙවැනි ඉල්ලීම් සමාලෝචනය කිරීම සඳහා සහ කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් උචිත පරිදි පෞද්ගලික රීති නියමයක් නිකුත් කිරීම සඳහා, “අර්ථ නිරූපණ කමිටුව” යනුවෙන් හඳුන්වනු ලබන කමිටුවක් පත්කිරීමට ඔහු වෙත නීතිප්‍රකාරව බලය පැවරී ඇත.

අර්ථ නිරූපණ කමිටුවේ කාර්යභාරය

බදු ගෙවන්නන් විසින් එළඹුන ගනුදෙනුවකට හෝ එළඹීමට යෝජිත ගනුදෙනුවකට මෙම පනත අදාළ කරගැනීම හෝ පනතේ 107,108,109,110 සහ 111 වගන්තීන්හි විධිවිධානයන්ට අනුකූලව, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ ස්ථාවරය මත පිහිටමින්,අනාගත සිදුවීමක් හෝ උචිත බවට සලකනු ලබන වෙනත් යම් කාරණා පිළිබඳ උපකල්පන මත පදනම්ව, පෞද්ගලික රීති නියමයන් නිකුත් කිරීම සිදු කරනු ලබයි.

කමිටු සංයුතිය

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් පත්කරන ලද සභාපතිවරයෙකුගෙන් සහ සාමාජිකයන් දසදෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වේ.

කමිටුව

නම​ තනතුර තත්වය​
ආර්.පී. එච්. ප්‍රනාන්දු මහත්මිය නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සභාපති
ඩී.යූ.ඒ. ජයවර්ධන මහතා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සාමාජික
ටී.එම්.ඡේ.එන්. බණ්ඩාර මහතා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සාමාජික
බී. කේ. සමන් ශාන්ත මහතා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සාමාජික
ජේ.එම්.එස්.එස්. රත්නවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ කොමසාරිස් සාමාජික
ටී.එම්.එස්.එම්. තෙන්නකෝන් මහත්මිය කොමසාරිස් සාමාජික
එස්.ඕ.ඒ.සී. නිවුහල්ල මහත්මිය කොමසාරිස් සාමාජික
ඒ.එම්.නෆීල් මහතා කොමසාරිස් සාමාජික
ඒ.එල්.ඩී. සංජීව මහතා කොමසාරිස් සාමාජික
එස්.ඩබ්ලිව්.පී. සිල්වා මහතා කොමසාරිස් සාමාජික
එන්.සී. විජේවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් සාමාජික

එම්.සී. ගුණතිලක මෙනවිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් කමිටු ලේකම්

ඉල්ලීමක් සිදුකිරීමේ ක්‍රියාපටිපාටිය
  • ලිඛිත ඉල්ලීමක්
  • සභාපති
    අර්ථ නිරූපණ කමිටුව
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
    කොළඹ 02.
    වෙත යොමු කළ යුතුය.

  • එම ඉල්ලීම පහත පරිදි කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුය.
  • ලේකම්​
    අර්ථ නිරූපණ කමිටුව
    ලේකම් අංශය,
    14 වන මහල,
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
    කොළඹ 02.

  • එම ඉල්ලීම පහත සඳහන් කරුණුවලින් අනතර්ගත විය යුතුය
    1. බදු ගෙවන්නාගේ නම
    2. බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය
    3. ව්‍යාපාරයේ ස්වභාවය
    4. රීති නියමය අදාළ කරගන්නා බදු වර්ගය සහ ලියාපදිංචි වී ඇති අනෙකුත් බදු පිළිබඳව
    5. රීති නියමය මගින් ආවරණය කිරීමට නියමිත තක්සේරු වර්ෂය හෝ බදු අයකෙරෙන කාල පරිච්ඡේදය
    6. රීති නියමය අවශ්‍යවන ගැටළුව නිවැරදිව සඳහන් කරන්න
    7. අභියාචනයක් මත ගැටළුව සඳහන් අයදුම දැනටම සලකා බැලීමට ගෙන ඇත්නම් හෝ ඇගයීමට එරෙහිව විරෝධතාවයක් පවතින්නේ නම් ඒ පිළිබඳව සඳහන් කළ යුතුය.
    8. නීතියේ විධිවිධාන මත පදනම්ව පවතින්නේ නම් ඉල්ලීමට අදාල අයදුම්කරුවන්ගේ මතය සඳහන් කරන්න.
    9. යම් හෙයකින් ඉල්ලීම ඉදිරිපත්කර ඇත්තේ බදු වෘත්තිකයෙකු හරහා නම්, ඔහුගේ ලියාපදිංචි නියෝජිත අංකය සහ ව්‍යවහාර නාමය ඇතුලත් කරන්න.
    10. අයදුම්කරු හෝ බලයලත් පුද්ගලයා සම්බන්ධ කරගැනීමේ තොරතුරු
      (පෞද්ගලික රීති නියමයන් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට හැකිවන පරිදි ඇගයුම් ගාස්තු වහාම ගෙවීමට පහසුකම් සැලසෙන පරිදි, අදාල අයදුමේ පිළිගතහැකිභාවය පිළිබඳව දුරකථනය හරහා දැනුම්දීම සිදුකරනු ලැබේ.)

  • අයදුම් ගාස්තු
    1. පිළිගතහැකි ඉල්ලීම් සඳහා රු.25,000 ක අයදුම් ගාස්තුවක් ගෙවන ලෙස බදුගෙවන්නන් දැනුවත් කෙරේ.
    2. එම ගෙවීම මුදලින් හෝ බැංකු අණකරයක් මගින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ නමට බැර විය යුතුය.
    3. දැනුම්දීම සිදුකර දින තුනක් තුල ගෙවීම සිදු කළ යුතුය.
    4. ගෙවීම, කොළඹ 02, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, මුදල් ඒකකයේ (13 වන මහළ) සරප් වෙත ගෙවිය යුතුය.
    5. පෞද්ගලික රීති නියමයන් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ගෙවීම් පත්‍රිකාවේ පිටපතක් අර්ථ නිරූපණ කමිටුවේ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
    6. එවැනි ගෙවීම් පත්‍රිකාවක් ලැබුණු දිනය, අදාළ අයදුම්පත ලැබුණු දිනය ලෙස සැලකිය යුතුයි.

  • වැඩිදුර තොරතුරු
    1. බදු අභියාචනා කොමිසමේ හෝ යම්කිසි අධිකරණයක විභාග වෙමින් පවතින නඩුවක ඕනෑම කරුණක් හෝ ගැටළුවක් සම්බන්ධව අර්ථනිරූපණයක් සඳහා වන ඉල්ලීම, කමිටුව වෙත යොමු නොකළ යුතුය.
    2. ඉදිරිපත්වන සෑම සහ සියළුම ඉල්ලීම්වල පිළිගතහැකිභාවය නිශ්චය කරගැනීමේ කර්තව්‍ය උදෙසා කමියුව මගින් ප්‍රාරම්භක සමාලෝචනයක් සිදු කරනු ඇත.
    3. යම් හෙයකින් පිළිගත නොහැකි ඉල්ලීම් පවතී නම්, කමිටුව විසින් ඒ පිළිබඳව ලිඛිත දැන්වීමකින් දැනුවත් කරනු ඇත.
බාගත කිරීම්
පුද්ගලික රීති නියමයන් ඉල්ලුම් කරන බදු ගෙවන්නන් සඳහා වන උපදෙස් පිළිබඳ චක්‍රෙල්ඛය

​​​

අවසන් වරට යථාවත් කිරීම : 07-08-2023