Skip Ribbon Commands
Skip to main content
Interpretations And Rulings
මුල් පිටුව :: ප්‍රකාශන :: අර්ථ නිරූපණයන් සහ නියමයන්

අර්ථ නිරූපණයන් සහ නියමයන්

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත යටතේ බදු නීති අර්ථ නිරූපණය කිරීමේ කමිටුව​

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ 208 (අ) වගන්තියෙහි (2011 අංක 22 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනතින් සංශෝධිත) දක්වා ඇති පරිදි , දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබ​න යම් අණපනතක සඳහන් යම් විධිවිධානයක් අර්ථ නිරූපණය කිරීම සඳහා එම අණපනත්වල පටහැනිව කවරක් සඳහන් වුව ද කොමසාරිස් ජනරාල් යටතේ (ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත) පත්කරන ලද කමිටුව වෙත ව්‍යවස්ථානුකූලව බලය පැවරේ. මීට අතිරේක වශයෙන් එම විධි නියෝගය ප්‍රකාරව, දෙනු ලබන අර්ථ නිරූපණයන්ට අනුගතව එම විධිවිධානයන් අදාල කර ගැනීමේ දී සමානතාව සහතික කරනු වස්, අවශ්‍ය සියලු උපදේශන මාලාවන් සහ උපදෙස් කමිටුව විසින් නිකුත් කළ යුතුය.

බදු නීති අර්ථ නිරූපණය කිරීමේ කමිටුව

නම​

තනතුර තත්වය​
එම්. ජී. සෝමචන්ද්‍ර මයා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සභාපති
එච්. එම්. ඩී. මුණසිංහ මිය නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සාමාජික
කේ. එස්. බී. ආර්. ඩී එස්. කරුණාරත්න මිය නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සාමාජික
ඒ. ඒ. දයාරත්න මයා ජ්‍යෙෂ්ඨ කොමසාරිස් සාමාජික
ඩී. ආර්. එස්. හපුආරච්චි මයා ජ්‍යෙෂ්ඨ කොමසාරිස් සාමාජික
ආර්. එම්. ජයසිංහ මයා ජ්‍යෙෂ්ඨ කොමසාරිස් සාමාජික
ආර්.පී. එච්. ප්‍රනාන්දු මිය කොමසාරිස් සාමාජික
එස් එම් වික්‍රමආරච්චි මිය කොමසාරිස් කමිටු ලේකම්

ආවරණය වන අණ පනත්

කමිටුවේ නියමයන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ විෂය පථය යටතේ වර්තමානයෙහි පරිපාලනය වන්නා වූ පහත සඳහන් අණ පනත් (ඊට අදාළ සියලු සංශෝධනය කිරීමේ පනත් ඇතුළුව) ආවරණය වේ.

  • 2006 අංක 10 දරණ දේශීය​ ආදායම් පනත
  • 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත​
  • 2006 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු පනත
  • 2009 අංක 09 දරණ ජාතිය ගොඩනැගීමේ බදු පනත
  • 2006 අංක 12 දරණ මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත
  • 1982 අංක 43 දරණ මුද්දර ගාස්තු පනත​
  • 2005 අංක 05 දරණ මුදල් පනත - II වන කොටස (කොටස් ගණුදෙනු බද්ද) සහ III වන කොටස (ඉදි කිරීම් කර්මාන්ත ඇප අරමුදල් පනත)
  • වෙනත් කවර හෝ අණපනතක් යම් තදනන්තර ව්‍යවස්ථාවක්​ (නීති සම්පාදනයක්) බලාත්මකව පැවති නමුත් දැනට අවලංගු කොට ඇත්තා වූ සහ ඒ යටතේ පවත්නා තක්සේරුවකට හෝ රැස්කිරීමට අදාළ කාරණා සම්බන්ධයෙන් අඛන්ඩව බලපානු ලබන (කොමසාරිස් ජනරාල් විසින් පරිපාලනය කරනු ලබන)සෙසු අණ පනත්
ඉල්ලීමක් සඳහා කාර්ය පටිපාටිය
ඉල්ලීම් ලිපි,
     ලේකම්
     අර්ථ නිරූපණ කමිටුව
     ලේකම් අංශය
     14 වන මහළ​
     දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
     කොළඹ 02

යන ලිපිනයට කමිටුවට ආමන්ත්‍රණය​ කොට ඉදිරිපත් කළ යුතුය.

අදාළ සියලු තොරතුරු අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.

අභියාචනයක් හෝ තක්සේරුවකට එරෙහි විරෝධතාවයක් මත දැනටමත් සැලකිල්ලට ගෙන ඇති ගැටළුවක් හෝ කාරණයක් වුව ද කමිටු වෙත යොමුකරනු ලැබිය හැකිය. එය යම් නීතිමය ප්‍රශ්නයක් හා සම්බන්ධ වන්නේ නම්, කෙසේ වුව ද අදාළ සියලු කාරණා මෙන් ම ලිපි ගොනු අංකය, බදු ගෙවන්නාගේ හඳුනාගැනීමේ අංකය (TIN), අදාළ කාලපරිච්ඡේදය යනාදිය ලබාදිය යුතු ය.

 

බදු අභියාචනා කොමිෂන් සභාව හෝ අධිකරණයක් ඉදිරියේ තීන්දුවකට එළඹීමට ඇති සිද්ධියකට අදාළ යම් කාරණාවක් හෝ ගැටළුවක් සම්බන්ධයෙන් අර්ථ නිරූපණය සඳහා යම් ඉල්ලීමක් කමිටුව වෙත යොමු නොකළ යුතු ය.

 

ඒ අනුව දේශීය ආදායම් නිළධාරීන්, බදු ගෙවන්නන් මෙන් ම බදු වෘත්තිකයන් විසින් අවශ්‍ය​ යැයි සලකා බලනු ලබන පරිදි අදාළ අණපනත්වල විධිවිධාන සම්බන්ධයෙන් කමිටුව විසින් ලබාදෙනු ලබන අර්ථ නිරූපණයන් පිළිබඳ දැනුවත් කළ යුතු ය.

 

එබැවින්, එම අර්ථ නිරූපණයන් සාරාංශගත කරනු ලබන අතර ඒ අයුරින් ම මහජනතාව වෙත ප්‍රකාශයට​ පත් කෙරේ.

​​​​​​​​​​​

අවසන් වරට යථාවත් කිරීම : 21-08-2018