Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: බදු ගෙවීම

බදු ගෙවීම - ගෙවීම්පත් හඳුනා ගැනීමේ අංක (DIN)

බදු ගෙවීමේ ක්‍රියාවලියේදී, එක් එක් බදු වර්ගය යටතේ ගෙවිය යුතු සෑම බදු ගෙවීමක් සඳහාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ගෙවීම් පත්‍රිකාවේ සඳහන් වන ගෙවීම්පත් හඳුනා ගැනීමේ අංකය (DIN), අදාළ ගෙවීම බදු ගෙවන්නාගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගිණුමට බැර (post) කිරීම සඳහා යොදාගැනේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ගෙවීම් පත්‍රිකාවේ ගෙවීම්පත් හඳුනා ගැනීමේ අංකය (DIN) සඳහන් වුවද, විවිධ හේතු මත, විශේෂයෙන් දැනට පවතින වසංගත තත්වය යටතේ, බදුගෙවන්නන් වෙත ගෙවීම් පත්‍රිකා නියමිත කාලය තුළදී නොලැබෙන බව නිරීක්ෂණය වී ඇත.

එබැවින්, බදුගෙවන්නන්ගේ පහසුව සඳහා, අදාළ බදුගෙවන්නා හඳුනා ගැනීමේ අංක යටතේ ගෙවිය යුතු බදු ගෙවීම්වලට අදාළ වන ගෙවීම්පත්​ හඳුනා ගැනීමේ අංක (DLNs) මේ සමඟ ලයිස්තු ගත කර ඇත.​​

​​​​​​

තනි පුද්ගල ආදාය​ම් බද්ද (IIT)​​

හවුල් ව්‍යාපාර ආදායම් ​බද්ද​​ Tax (​PIT)​​

වාසික සහ නිර්වාසි​ක සමාගම් අස්ථිත්වයන් සහ සංස්ථා යනාදිය (සංස්තාපිත ආදායම් බද්ද (CIT)​)


උපයන විට ගෙවීමේ​ බද්ද (​PAYE)​/ අත්තිකා​රම් පුද්ගල ආදායම් බද්ද (APIT)​ ​​

රඳවාගැනීමේ බ​ද්ද (WHT)​​/ අත්තිකාරම් ආදායම් බද්ද (AIT) 


එකතු කළ අගය ​​මත බද්ද (VAT)​

මූල්‍ය සේවා සැප​යීම මත එකතු​ ක​ළ අගය මත බද්ද (VATFS)​​​​​


මුද්දර බද්ද (SD)​​

අවසන් වරට යථාවත් කිරීම : 17-06-2022