Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ඉක්මන් සබඳතා :: පෞද්ගලිකත්වය සහ තොරතුරුවල ආරක්ෂාව

පෞද්ගලිකත්වය සහ තොරතුරුවල ආරක්ෂාව

පෞද්ගලික තොරතුරු ලබා නොදෙමින් මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගත තොරතුරු විමර්ශනය කර ඒ සදහා ප්‍රවේශවීමට ඔබට හැකිවනු ඇත. ඔබ ස්වේච්ඡාවෙන්ම පෞද්ගලික තොරතුරු ලබා දෙන විට (නිදසුන්, සෘඡු ආකෘති හෝ විද්‍යුත් තැපැල් ඉල්ලීම් මගින්) උපදෙස් ලබා දී ඇති පරිදි ඔබගේ පෞද්ගලික තොරතුරු රදවා තබා ගැනීම සදහා අවම වශයෙන් අපට අවශ්‍ය කෙරේ.

කෙසේ වුවද,වෙබ් අඩවිය විමර්ශනය කිරීමේ ආකාරයක් වැනි, අපගේ වෙබ් අඩවියට ප්‍රවේශ වන අතර ඇතැම් තොරතුරු ස්වයංක්‍රියව ආපසු ලබාගනු ලැබේ. යම් පෞද්ගලික තොරතුරු මූලාශ්‍ර කොට ගන්නා අවස්ථාවකදී අප මෙම සමස්ත ආකෘති පත්‍රයේ තොරතුරු පමණක් භාවිතා කරන බවට කාරුණිකව සහතික වන්න. එබැවින් තනි තනිව ප්‍රවේශ වන්නන් හදුනා ගැනීම සදහා ප්‍රයත්නය දරනු නොලැබේ.

පෞද්ගලික ප්‍රකාශය
  • මේ ශ්‍රි ලංකා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියයි. අපගේ පෞද්ගලික ප්‍රකාශය පරීක්ෂා කිරීම වෙනුවෙන් ඔබට ස්තූතියි.
  • ඔබ මෙම වෙබ් අඩව්ය නිරීක්ෂණය කරන්නේ නම් පමණක්, ඔබ පෞද්ගලිකව හදුනා ගැනීම සදහා අපට අවසර දෙන දත්ත අප ග්‍රහණය කර නොගන්නෙමු.
  • ශ්‍රි ලංකා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ,ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ පරිපාලනය කිරීමේ කාර්ය සදහා පෞද්ගලික දත්ත ලබා ගැනීම හෝ එක්රැස් කිරීම කරයි. පෞද්ගලිකව හදුනාගත හැකි දත්ත ඔබ අප වෙත ලබා දීම සදහා ඔබ අයදුම්පතක් හෝ විද්‍යුත් තැපෑලක් අප වෙත එවීම සදහා තෝරා ගන්නේ නම්, (නිත්‍ය) ව්‍යවස්ථාව මගින් එම තොරතුරු බෙදා ගැනිම තහනම් කර නොමැත්තේ නම් පමණක් වඩාත් කාර්යක්ෂම සහ ළුලදායි අයුරින් ඔබට සේවය කිරීමට හැකිවන පරිදි වෙනත් රඡයේ නියෝඡිතායතන සමග අවශ්‍ය දත්ත බෙදා ගැනීමට අපට හැකිවනු ඇත.
  • එම අස්තිත්වයන් සදහා විශේෂිත රඡයේ සේවා පවත්වාගෙන යාම සදහා බලය ලබා දී ඇති අවස්ථා හැර අප ඔබගේ පෞද්ගලික තොරතුරු රාඡ්‍ය නොවන අස්තිත්වයන් සමග බෙදා ගනු නොලැබේ​
  • ඔබගේ පහසුව සදහා ඔබ මීට පෙර අප වෙත හෝ වෙනත් රඡයේ නියෝඡිතායතන වෙත ලබාදී ඇති දත්ත අප විසින් ඔබ වෙත ප්‍රදර්ශනය කරනු ඇත. මෙමගින් ගනුදෙනු කඩිනම් කරනු ඇති අතර මීට පෙර නැවත වරක් ඉදිරිපත් කිරීම සිදු කිරීමේ ගැටළුකාරි තත්වයන් නිසා කාලය ඉතිරි වනු ඇත. දත්ත යල් පැනගිය ඒවා නම් කරුණාකර නවතම දත්ත අප වෙත සපයන්න. මහඡන සේවාවන් ඔබ වෙත කාර්යක්ෂමව ලබා දීම සදහා අවශ්‍ය පරිදි පමණක් ඔබගේ පෞද්ගලික තොරතුරු අප වෙත තබාගෙන ඇත. ඔබ අප වෙත මීට පෙර ලබා දී ඇති .ඔබගේ පෞද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමට හෝ යථාවත් කිරීම සදහා කරුණාකර අපගේ වෙබ් අඩවි භාරකරු හා සම්බන්ධ වන්න.
  • ඔබගේ පෞද්ගලික තොරතුරු සුරක්ෂිත කර ගැනීම සඳහා, යෝග්‍ය ආරක්ෂක තාක්ෂණයක් සමඟ සියලු පෞද්ගලික දත්තයන්හි විද්‍යුත් ගබඩාකිරීම් හා සම්ප්‍රේෂණය ආරක්ෂා කරනු ලැබේ.
  • මෙම වෙබ් අඩවිය රාජ්‍ය නොවන වෙබ් අඩවි සමඟ සබඳතාවයකින් යුතුව පවතිය හැකි අතර ඒවායේ දත්ත ආරක්ෂාව සහ පෞද්ගලික පිළිවෙත් (පරිචයන්) අපගේ පිළිවෙත්වලින් වෙනස් විය හැකිය. මෙකී වෙනත් වෙනත් වෙබ් අඩවීන් හි පවත්නා වූ අන්තර්ගතය සහ පෞද්ගලික පිළවෙත් සඳහා අප වග කියනු නොලබන අතර එම වෙබ් අඩවිවල පෞද්ගලික දැන්වීම් පිළිබඳ උපදෙස් ලබාගන්නා මෙන් ඔබ දිරිමත් කරනු ලැබේ.
  • මෙම දත්ත ආරක්ෂණය සහ පෞද්ගලික ප්‍රතිපත්ති පිළිබඳව ඔබට යම් ප්‍රශ්න හෝ අදහස් වේ නම් පහත සඳහන් ලිපිනය හා සම්බන්ධ වන්න. ​​​​​​​​​​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 07-05-2015