Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: බදුවර්ග :: ආර්ථික සේවා ගාස්තු (ESC)
 

ආර්ථික සේවා ගාස්තු ​

ආර්ථික සේවා ගාස්තුව, 2020 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව සෑම තනැත්තකුගෙන් ම සහ සෑම හවුල් ව්‍යාපාරයකින්ම අවස්ථාවෝචිත පරිදි අය කරන ලදී. —

200​7 අංක 15, 2008 අංක 11, 2009 අංක 16, 2011 අංක 11, 2012 අංක 11, 2013 අංක 06, 2014 අංක 09, 2015 අංක 13, 2017 අංක 07, 2018 අංක 33 සහ 2020 අංක 04 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන ) පනත් මගින් සංශෝධිත පරිදි 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත යටතේ ආර්ථික සේවා ගාස්තුව 2006 අප්‍රේල් 01 දින සිට පරිපාලනය කරන කෙරේ. මීට පෙර, ආර්ථික සේවා ගාස්තුව 2004-04-01 දින සිට 2006-04-01 දින දක්වා 2004 අංක 11 සහ 2005 අංක 11 දරණ මුදල් පනත් යටතේ පරිපාලනය කරන ලදී. .​

​​​

අණ පනත්

2006 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු පනත (2006 මාර්තු 31 වැනි දින සහතික කරන ලදී)
2007 අංක 15 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2007 අප්‍රේල් 12 වැනි දින සහතික කරන ලදී)
2008 අංක 11 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2008 පෙබරවාරි 29 වැනි දින සහතික කරන ලදී)
2009 අංක 16 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2009 මාර්තු 31 වැනි දින සහතික කරන ලදී)
2011 අංක 11 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2011 මාර්තු 31 වැනි දින සහතික කරන ලදී)
2012 අංක 11 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2012 මාර්තු 31 වැනි දින සහතික කරන ලදී)
ඒකාබද්ධ කළ 2006 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු පනත
2013 අංක 06 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2013 මාර්තු 22 වැනි දින සහතික කරන ලදී)
2014 අංක 09 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2014 අප්‍රේල් 24 වැනි දින සහතික කරන ලදී)
2015 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2015 ඔක්තොබර් 30 දින සහතික කරන ලදී.)
2017 අංක 07 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2017 මැයි 17 දින සහතික කරන ලදී.)
2018 අංක 33 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2018 ඔක්තෝම්බර් 04 වැනි දින සහතික කරන ලදී)
2020 අංක 04 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2020 ඔක්තෝම්බර් 12 වැනි දින සහතික කරන ලදී)
​ආර්ථික සේවා ගාස්තු බදු බැඳියාව

වෙළදාමක්, ව්‍යාපාරයක්, රැකියාවක් හෝ වෘත්තියක් කර ගෙන යන්නාවු හෝ පවත්වාගෙන යන්නා වු සෑම තැනැත්තෙකු විසින් හෝ හවුල් ව්‍යාපාරයක් විසින්, එම තැනැත්තා හෝ හවුල් ව්‍යාපාරය ආදායම් බදු ගෙවීමට යටත් වුවද නොවුවද ආර්ථික සේවා ගාස්තු ගෙවිය යුතුය.

කෙසේ වුවද, සමූපකාර සමිති, ගුවන් සේවා හා නාවුක සමාගම්, පළාත් පාලන ආයතන, රජයේ දෙපාර්තමේන්තු, යම් බෙදාහරින්නන්, යම් ලොතරැයි අලෙවිකරුවකු හෝ අනොනය්‍ය අරමුදල් සහ ලක් සතොස ආර්ථික සේවා ගාස්තුවට යටත් නොවේ.

බදු පදනම සහ සීමාව

සෑම තැනැත්තෙකුට හෝ හවුල් ව්‍යාපාරයකට 2011.04.01 - 2017.03.31 දින දක්වා කාල සීමාව තුළ කාර්තුවක යටත් පිරිවැටුම රු. මිලියන 50 හෝ ඊට වැඩි නම් සහ 2017.04.01 දින හෝ එදිනට පසුව ආරම්භවන යම් කාර්තුවක් සඳහා රු. මිලියන 12.5 නම්, ආර්ථික සේවා ගාස්තු සඳහා ලියාපදිංචි විය යුතුය.

ආර්ථික සේවා ගාස්තු බදු අනුප්‍රමාණය

අදාළ පිරිවැටුම මත 2016.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආර්ථික සේවා ගාස්තු 0.5% අනුප්‍රමාණයට ගෙවිය යුතුය.

පිරිවැටුම

සත්‍ය වශයෙන් ලැබුණද, නොලැබුනද සෑම ගනුදෙනුවකින්ම ලැබීය යුතු මුදල. කෙසේ නමුත් පහත සඳහන් දෑ පිරිවැටුමට ඇතුළත් නොවේ.

  • ​එකතු කළ අගය මත බද්ද (එ.අ.බ. සඳහා ලියාපදිංචි වී ඇත්නම්)
  • ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලැබෙන මුදල්
  • බොල් ණය

කෙසේ වුවද අංක 1502/10 හා 2007.06.20 දිනැති 1506/06 දරන 2007.07.18 හා අංක 1546/9 හා 2008.04.22 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදන මගින් (මෙම සියලු ගැසට් නිවේදනයන් ඒකාබද්ධ කර අනාගතයේදී නව ගැසට් පත්‍රයක් පළ කරනු ලැබේ.) පළ කරනු ලැබු බදු බැඳියාව සහිත පිරිවැටුම සඳහා විශේෂ අර්ථ දැක්වීම අනුව ඇතැම් ව්‍යාපාර කාණ්ඩයන් සඳහා වන පිරිවැටුම, එම ව්‍යාපාරයන් පහත සඳහන් වේ.

  • නැව් බඩු නැව්ගත කරන්නන්
  • මැණික් හා දියමන්ති අපනයනකරුවන්
  • ඇඟලුම් අපනයන හෝ NFE පදනම මත ආනයනය කරනු ලබන අමුද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයන්
  • ප්‍රාථමික ගැනුම්කරුවන් විසින් සිදු කරනු ලබන සුරැකුම්පත් අලෙවිය
පිරවුම්හල්වල ආර්ථික සේවා ගාස්තු බැඳියාව

යම් කාර්තුවක් සඳහා වන මුළු පිරිවැටුම 2016.04.01 සිට 2017.03.31 කාලපරිච්ඡේදය සඳහා රු. මිලියන 50 සහ 2017.04.01 දින සිට ආරම්භවන ඕනෑම කාලපරිච්ඡේදයක් සඳහා රු. මිලියන 12.5 ක් වන්නේ නම් 2016.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි යම් පිරවුම්හලකින් පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල් අලෙවියෙන් ලැබෙන පිරිවැටුම ආර්ථික සේවා ගාස්තු බැඳියාවට යටත් වේ.

කෙසේ වුවද ආර්ථික සේවා ගාස්තුව පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල්වල අදාළ පිරිවැටුමෙන් සහ වෙනත් නිෂ්පාදන (ලිහිසි ද්‍රව්‍ය වැනි) සහ සේවා ගාස්තු ඇත්නම් ඒවායේ මුළු පිරිවැටුමෙන් 1/10 ක අනුපාතයට ගණනය කළ යුතුය.

බදු ගෙවීම

ආර්ථික සේවා ගාස්තු කාර්තු හතරකින් ස්වයං තක්සේරු මත ගෙවියයුතුය. නියමිත ආකෘති පත්‍රය භාවිතා කරමින් ගෙවීම් කළ යුතු අතර බදු කාලසීමාව නිවැරදිව දැක්විය යුතුය. (උදා = 2017.06.30, කාර්තුව 17181)

කාර්තුව ගෙවීම් දිනය
01 වැනි කාර්තුව - ජූලි 20 වැනි දින හෝ ඊට පෙර
02 වැනි කාර්තුව - ඔක්තෝබර් 20 වැනි දින හෝ ඊට පෙර
03 වැනි කාර්තුව - ජනවාරි 20 වැනි දින හෝ ඊට පෙර
04 වැනි කාර්තුව - අප්‍රේල් 20 වැනි දින හෝ ඊට පෙර
අත්තිකාරම් ආර්ථික සේවා ගාස්තුව සහ ආර්ථික සේවා ගාස්තුව හිලව් කිරීම

ආර්ථික සේවා ගාස්තු පහත පරිදි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් (සීමාව නොසලකා) සහතික කරන ලද CIF අගය මත රේගුව විසින් ඇතැම් භාණ්ඩ ආනයනයේදී ආනයනයට පෙර අය කරනු ලැබේ.

  • 2016.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත් ඕනෑම භාණ්ඩයක් මත
  • 2016.11.24 දින සිට ක්‍රියාත්මක වන පරිදි රන් සහ වටිනා ලෝහ මත
  • 2017.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ වාහන මත

රේගුව වෙත කලින් සිදු කරනු ලැබු ආර්ථික සේවා ගාස්තු ගෙවීම් අදාළ නැව් බඩු තොගය නිෂ්කාෂණය කළ දිනය ඇතුලත් වන කාර්තුවෙහි ආර්ථික සේවා ගාස්තු බැඳියාව වෙනුවෙන් බැර කළ හැකිය. කෙසේ වුවද ආර්ථික සේවා ගාස්තුවල ඉතිරි බැඳියාවන් පවතී නම් එම කාර්තුව අවසන් වීමෙන් පසු එළඹෙන මාසයේ 20 වන දින හෝ ඊට පෙර එම ගාස්තුව ගෙවිය යුතුය.

කලින් ගෙවන ලද ආර්ථික සේවා ගාස්තු සහ 2016.04.01 දින හෝ ඉන් පසු ආරම්භවන කාල පරිච්ඡේදය සඳහා සිදු කරනු ලැබු ස්වයං ගෙවීම් අදාළ තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බදු වෙනුවෙන් හිලව් කල හැකි අතර අතිරික්තයන් වේ නම් අනතුරුව එළඹෙන තක්සේරු වර්ෂ දෙකක් සඳහා වන බැඳියාව වෙනුවෙන් හිලව් කිරීම සඳහා ඉදිරියට ගෙන ආ හැකිය.

එසේම, 2016.03.31 දිනෙන් අවසන් වූ කාල සීමාව සඳහා ගෙවන ලද අතිරික්ත ආර්ථික සේවා ගාස්තුව, ඉදිරි තක්සේරු වර්ෂ 4 ක් සඳහා ඉදිරියට ගෙන යා හැකිය.

වාර්තා ඉදිරිපත් කිරීම (තක්සේරු වර්ෂ 2019/2020 තෙක්)

නියමිත දිනය

  • ආර්ථික සේවා ගාස්තු වාර්තාව එම තක්සේරු වර්ෂය අවසානයෙන් පසුව ඉනික්බිතිවම එළඹෙන මාසයේ 20 දින හෝ එදිනට පෙර වාර්ෂිකව ඉදිරිපත් කළයුතුය.

ඉදිරිපත් කළ යුත්තේ

  • ආදායම් බදු ලිපි ගොනුව පවත්වාගෙන යන අදාල ප්‍රාදේශීය/ නගරබද කාර්යාලය වෙත.​​​​​
  • දේශීය ආදායම් ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ, 1 වන මහලේ පිහිටි මධ්‍ය ලේඛන කළමනාකරණ අංශය (CDMU) වෙත .​​​
අවසන් වරට යථාවත් කිරීම : 16-11-2021