Skip Ribbon Commands
Skip to main content
Simplified Value Added Tax (SVAT) Scheme
මුල් පිටුව :: බදු වර්ග :: සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමය (SVAT)
 

සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමය

සරල කරන ලද එකතු කල අගය මත බදු (SVAT) ක්‍රමය 2002 අංක 14 දරන එකතු කල අගය මත බදු පනතේ 2(2) වගන්තියට අනුකූලව 2011.04.01 දින සිට බලපැවැත්වෙන ප‍රිදී ක්‍රියාත්මක වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සරල කරන ලද එකතු කල අගය මත බදු ක්‍රමය සම්බන්ධ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

  1. එම ගැසට් නිවේදනය අනුව, සරල කරන ලද එ.අ.බ.ක්‍රමය යටතේ ලියාපදිංචි වීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීම මඟින් ස.එ.අ.බ. ක්‍රමය යටතේ ලියාපදිංචි අංකයක් ලබා ගත යුතුය. සරල කරන ලද එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වී සිටින පහත සඳහන් පුද්ගලයන් මෙන්ම එකී ලියාපදිංචි වී සිටින පුද්ගලයන් සඳහා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සපයන සැපයුම්කරුවන් ද මෙම සරල කරන ලද එකතු කළ අගය මත බදු යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වීමට සුදුසුකම් ලබති.
    1. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතෙහි (මින් මතු එ.අ.බ. පනත යනුවෙන් හඳුන්වනු ලබන) පළමු උපලේඛනයේ II වැනි කොටසේ (ඊ) ජේදයේ (ඒ) අනු ජේදයේ සඳහන් පරිදි, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වන වගන්තියේ 4 වන උප වගන්තිය ප්‍රකාර ස්ථාපනය කරන ලද යම් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියකට භාණ් ඩ හා සේවා සපයන සහ එම සැපයුම්, මුළු සැපයුම් වලින් 50% ඉක්මවා ව්‍යාපෘති ආශ්‍රිත සැපයුම් වනතාක් ව්‍යාපෘති ක්‍රියාත්මක කාලපරිච්ජේදය තුල එකතු කළ අගය මත බදු පනතේ 22 වැනි වගන්තියේ (6) වැනි උප වගන්තියේ අතුරු විධානය යටතේ යෙදවුම් බදු සඳහා හිමිකම් අති යම් ලියාපදිංචි තැනැත්තෙකු,
    2. එ.අ.බ. පනතේ 22 වන වගන්තියේ 7 වැනි උපවගන්තියෙහි විධිවිධාන යටතේ ලියාපදිංචි වී ඇති යම් තැනැත්තෙකු ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් ද ඇතුළත්ව, සහ එම මිලදී ගැනීම් ව්‍යාපෘති ආශ්‍රිත මිලදී ගැනීම් වනතාක් සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කාලය තුල පනත යටතේ යෙදවුම් බදු හිමිකම් ඇති යම් තැනැත්තෙකු,
    3. එකතු කළ අගය මත බදු පනතේ I වන උපලේඛනයෙහි II කොටසෙහි (ඊ) ජේදයෙහි II වන උපජේදයෙහි සඳහන් විශේෂිත ව්‍යාපෘතියක නිරත යම් ලියාපදිංචි පුද්ගලයකු,
    4. ඕනෑම අපනයනකරුවකු හෝ එ.අ.බ. පනතේ 7 වන වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති ශුන්‍ය අනුප්‍රමාණගත සේවාවන් සපයන සැපයුම්කරුවන් ( ඔවුන්ගේ ශුන්‍ය අනුප්‍රමාණගත සැපයුම මුළු සැපයුමෙන් 50% කට වඩා වැඩි වන්නේ නම්,)
    5. අපනයනය කිරීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන අපනයනකරුවන්ට ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත භාණ්ඩ (වැට් බද්දට යටත් ) සපයනු ලබන නිෂ්පාදකයන් (එම සැපයුම්වල වටිනාකම හා ශුන්‍ය අනුප්‍රමාණගත සැපයුම්වල වටිනාකම මුළු සැපයුමෙන් 50% කට වඩා වැඩි වන්නේ නම්),
    6. අපනයනය සඳහා නිෂ්පාදනය කරනු ලබන ඕනෑම භාණ්ඩයක් ගුණාත්මකභාවය, නෛසර්ගික ලක්ෂණ සහ වටිනාකම වැඩි දියුණු කිරීමට හේතු වන අගය එකතු කළ සේවාවන් අපනයනකරුවනට සපයනු ලබන සැපයුම්කරුවන් (මෙබඳු සේවා සැපයුමක් ඔහුගේ මුළු සැපයුමෙන් 50% කට වඩා වැඩි වන්නේ නම්),
    7. ඉහත (i), (ii), (iii), (iv), (v) හෝ (vi) යන අනුජේදයන්හි සඳහන් යම් ලියාපදංචි තැනැත්තෙකුට යම් භෘණ්ඩ හෝ සේවා සපයන යම් ලියාපදංචි තැනැත්තෙකු, (එසේ වුවද, එම සැපයුම් වටිනාකම එකී භාණ්ඩ හෝ සේවා සපයන යම් ලියාපදංචි තැනැත්තෙකුගේ මුළු සැපයුම්වල එකතුවෙන් 50% ඉක්මවන බවට පවත්නා තොරතුරු මත කොමසාරිස් ජනරාල් සෑහීමකට පත් වන්නේ නම් පමණි).

    ඉහත (ii) වන ජේදයේ සඳහන් යම් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක්, එම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියකින් එකතු කල අගය මත බදු අය නොකළ හැකිය යන කාරණය නොසලකා සරල කරන ලද එ.අ.බ. යටතේ ලියාපදිංචි විය යුතුය.

  2. සරල කරන ලද එකතු කළ අගය මත බදු ලියාපදිංචිය සඳහා පහත සඳහන් ලිපිලේඛන සමඟ අයදුම්පත්‍රයක් මූලික ලියාපදිංචි අංශය වෙත ඉදිරිපත් කළ යුතුය.
    1. තනි පුද්ගල/හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් වන විට
      • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
      • අයදුම්කරුගේ ජාතික හැදුනුම් පතෙහි ඡායා පිටපතක්.(තනිපුද්ගල ව්‍යාපාරයක් නම් අයදුම්කරු එහි අයිතිකරු වියයුතු අතර හවුල් ව්‍යාපාරයක් නම් අයදුම්කරු එහි ප්‍රමුඛ හවුල්කරු වියයුතුයි), සහ
      • 3 වන අයිතමයේ සදහන් ලේඛන, අදාල වේ නම්.
    2. සමාගමක් සම්බන්ධයෙන් වන විට
      • සංස්ථාගත කිරීමේ සහතිකය,
      • අයදුම්කරුගේ ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපතක්.(අයදුම්කරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බලයලත් නියෝජිතයකු විය යුතුය. එම අනුමැතියේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.)
      • 3 වන අයිතමයේ සදහන් ලේඛන, අදාල වේ නම්.
    3. පොදු
      • ඇමිණිය යුතු ලේඛන
        • TIN සහතිකය
        • VAT ලියාපදිංචි සහතිකය
        • ආයෝජන මණ්ඩයේ (BOI) ලියාපදිංචි සහතිකය, අදාල වේ නම්
        • දෙපාර්තමේන්තුවෙන් බැර වවුචරපත් ලබාගැනීම සඳහා බලය ලත් පුද්ගලයන් දෙදෙනෙකුගේ ජාතික හැදුනුම්පත්වල ඡායා පිටපත්, තත්ත්වය පිරිනැමිය යුත්තේ ලියාපදිංචි හඳුනාගත් ගැණුම්කරු වේ නම්
        • එකතු කල අගය මත බදු පනතේ පළමු උප ලේඛණයේ දෙවන කොටසේ (ඊ) ඡේදයේ (II) උප ඡේදයේ සඳහන් විශේෂ ව්‍යපෘතියක නියැලෙන ලියාපදිංචි තැනැත්තෙක් සම්බන්ධයෙන් වන විට එහි අනුමත කරන ලද ලිපියේ පිටපතක්
        • එකතු කල අගය මත බදු පනතේ පළමු උපලේඛනයේ දෙවන කොටසේ (ඊ) ඡේදයේ (එ) අනු ඡේදයේ සඳහන් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යපෘතියක නියැලෙන ලියාපදිංචි තැනැත්තෙක් සම්බන්ධයෙන් වන විට 2008 අංක14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යපෘති පනත යටතේ නිකුත් කල ගැසට් පත්‍රය සහ ආයෝජන මණ්ඩල ගිවිසුමේ පිටපතක්
        • එකතු කල අගය මත බදු පනතේ 22(7) යටතේ ලියාපදිංචි තැනැත්තෙක් සම්බන්ධයෙන් වන විට එහි අනුමැතියේ පිටපතක්
        • ඔබ පනතේ 7(ආ)(iv) වගන්තිය යටතේ සේවා අපනයන කරන්නෙක් සම්බන්ධයෙන් වන විට එය සනාථ කිරීමට අදාල ලිඛිත සාක්ෂි

  3. සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය යටතේ ලියාපදිංචි වීම සඳහා විද්‍යුත් ලියාපදිංචි කිරීම අදාළ නොවේ.
  4. ලියාපදිංචිය ලබාගැනීම සඳහා අයදුම්කරුම පැමිණිය යුතුයි. එසේ වුවද සමාගමක් සම්බන්ධයෙන් වන විට සරල කරන ලද එකතු කල අගය මත බදු ලියාපදිංචි කාර්යය සඳහා අයදුම්කරු හෝ සමාගමේ බලය පවරන ලද නියෝජිතයෙක් පැමිණීය යුතුය. විදේශ සමාගම් සම්බන්ධයෙන් වන විට, අයදුම්කරු, විගණක ආයතනයක් හෝ නීතිඥ සමාගමක් විය හැකිය.
  5. ව්‍යාපාරික ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් හඳුනාගත් ලියාපදිංචි මිලදී ගන්නෙකුගේ (RIP) තත්ත්වය ප්‍රදානය කරනු ලබන කරුණාවෙන් සලකන්න. එම තත්ත්වය ලියාපදිංචි හඳුනාගත් සැපයුම්කරුවකුගේ (RIS) තත්ත්වය ප්‍රදානය කිරීමට නම්, විගණනය කළ ගිණුම් ප්‍රකාශවල පිටපත්, බැංකු ගිණුම් ප්‍රකාශනවල පිටපත් හෝ ප්‍රාදේශීය ලේකම් සහතික කරන ලද ග්‍රාමසේවා නිලධාරී විසින් නිකුත් කල ලිපියක් ඉදිරිපත් කළ යුතුයි.
  6. සහතිකය ලබා ගැනීම සඳහා අවසරය ලබා දෙමින් බලය පැවරීමේ ලිපියක් (සහතිකය අයදුම්කරු හැරුණුකොට වෙනත් තැනැත්තෙකුට භාරදිය යුතු වේ.)
  7. දෙපාර්තමේන්තුව වෙතින් බැර වවුචර (CRV) ලබා ගැනීමේ කාර්යය සඳහා
    විද්‍යුත් සේවාව භාවිතා කරමින් ඉල්ලීමක් කළ යුතුය. බැර වවුචර ලබා ගැනීම අනුමත කළ පසුව, බැර වවුචර ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස විද්‍යුත් දැන්වීමක් අදාළ ලියාපදිංචි හඳුනාගත් ගැණුම්කරු (RIP) වෙත නිකුත් කරනු ලැබේ. මුල් SVAT සහතිකය හා භාවිතා කරන ලද බැර වවුචර පොත් රැගෙන ආ යුතුය. කොමසාරිස් ජනරාල් වෙතින් බැර වවුචර ලබා ගැනීම සඳහා බලයලත් තැනැත්තන් සඳහා පමණක් බැරපත් නිකුත් කරනු ලැබේ. ජාතික හැඳුන්ම්පත හෝ වලංගු ගමන් බලපත්‍රය තම අනන්‍යතාවය සනාථ කිරීම සඳහා රැගෙන ආ යුතුය.

SVAT කාර්යයන් සිදු කරන අංශ / ශාඛා

රාජකාරියේ / කාර්යයේ ස්වභාවය වගකිවයුතු අංශය / ශාඛාව
SVAT තොරතුරු යාවත්කාලීන කිරීම හෝ වෙනස් කිරීම බදු ගෙවන්නන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ අංශය
SVAT ලියාපදිංචි කිරීම (RIP)/(RIS)
බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීමේ අංශය
SVAT උපලේඛන යාවත්කාලීන කිරීම බදු උපකාරක සහ සංවර්ධන අංශය
SVAT පැරණි කටයුතු MDC 1 & 2 අංශය
බැර වවුචර් නිකුත් කිරීම MDC 1 & 2 අංශය

සරල කරන ලද එකතු කල අගය මත බදු ක්‍රමයෙහි භාවිතය සඳහා විශේෂිත ආකෘති පත්‍ර/උපලේඛන පහත දැක්වේ:

සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමය (SVAT) සඳහා ලියාපදිංචිය/වෙනස් කිරීම සඳහා අයදුම් පත්‍රය[Form:- TPR_006_E] ​​​​​
වාණිජ ඉන්වොයිසිය - විදේශ විනිමය රහිත පදනම (NFE basis)​​​​​
අත්හිටවූ VAT ඉන්වොයිසිය (SVAT 02) VAT අය නොකරන සැපයීම් සඳහා භාවිතයට ​​​​​
අත්හිටවූ VAT ඉන්වොයිසිය - SVAT ක්‍රමය යටතේ ලියාපදිංචි වූ විදේශ විනිමය රහිත පදනම යටතේ සැපයීම් කරන්නන් විසින් භාවිතයට (SVAT 02(අ))​​​​​
රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කල යුතු සහතිකය සඳහා ඉල්ලුම් පත්‍රය (TIEP irdApplication)​​​​​
ඊ-සේවාවන් හරහා සැපයිය යුතු උපලේඛන [SVAT]​​​​​

2015 දෙසැම්බර් 31 වන දිනට පෙර බාරදිය යුතුව තිබූ අදාල උපලේඛන svat04@ird.gov.lk විද්‍යුත් තැපෑල වෙත යොමු කලයුතු බව කරුණාවෙන් සලකන්න.

2015 දෙසැම්බර් 31 වන දිනට පෙර නිකුත් කල SVAT බැර වවුචරපත් වහාම බාරදීම මගින් අනවශ්‍ය කල්ගතවීම් මඟහරවා ගත හැකිය.

අවසන් වරට යථාවත් කිරීම : 04-10-2023