ප්‍රාග්ධන ලාභ බදු පදනම සහ බද්ද ගණනය කිරීම
ප්‍රාග්ධන ලාභ බද්ද යනු ආයෝජන වත්කම් විකිණීමේ දී, හුවමාරු කිරීමේදී, පවරනු ලැබීමේදී, බෙදාහැරීමේදී, අවලංගු කිරීමේදී, නිදහස් කිරීමේදී, විනාශ කිරීමේදී, නැතිවීමේදී, කල් ඉකුත් වීමේදී, පවරාගනු ලැබීමේදී හෝ භාරගනු ලැබීමේදී උපලබ්ධීවන ලැබීම් සඳහා වන බද්දකි. ප්‍රාග්ධන ලාභ බද්දට යටත් වන ලැබීම් වනුයේ ආයෝජන වත්කම් උපලබ්ධී වීමෙන් ලැබෙන ලැබීම් පමණකි.
ආයෝජන වත්කම් උපලබ්ධි වන අවස්ථාවේ එහි පිරිවැය සහ ලැබෙන ප්‍රතිෂ්ඨාව අතර වෙනස ප්‍රාග්ධන ලාභ ලෙස ගණනය කරනු ලැබේ.
“ආයෝජන වත්කම” යන්නෙන්,
(195 වගන්තිය)
- යම් ආයෝජනයක කොටසක් වශයෙන් දරනු ලබන ප්‍රාග්ධන වත්කමක් අදහස් වන නමුත් -
- ඊට යම් පුද්ගලයෙකු ප්‍රධාන වශයෙන් පදිංචි ස්ථානය, එම පුද්ගලයා විසින් බැහැර කිරීමට පෙර අවුරුදු තුනක කාලයක් නොකඩවා හිමිකාරිත්වය දරන ලද්දේ නම් සහ එම අවුරුදු තුනෙන් අවම වශයෙන් අවුරුදු දෙකකවත් (දෛනික පදනම මත ගණනය කරන ලද) එහි පදිංචි ව සිටියේ නම්, එය ඇතුළත් නොවේ;
“ප්‍රාග්ධන වත්කම” යන්නෙන්,
(195 වගන්තිය)
- පහත දැක්වෙන එක් එක් වත්කම් අදහස් වේ;: -
- ඉඩම් හෝ ගොඩනැඟිලි;
- යම් සමාගමක්, හවුල් ව්‍යාපාරයක්, හෝ භාරයක් පිළීබඳ යම් සාමාජිකත්ව සම්බන්ධතාවයක්;
- යම් සුරැකුම්පතක් හෝ වෙනත් යම් මූල්‍ය වත්කමක් ;
- ඉහතින් වූ ඡේදයන් හි සඳහන් කරනු ලැබූ යම් වත්කමක් පිළිබඳ යම් වරණයක්, අයිතිවාසිකමක් හෝ වෙනත් සම්බන්ධතාවයක් , නමුත් ;
- වෙළෙද තොගය හෝ ක්ෂය විය හැකි වත්කම් මීට ඇතුළත් නොවේ;
ප්‍රාග්ධන ලාභ බද්දෙන් බැහැර කළ ආයෝජන වත්කම්
- ප්‍රධාන වශයෙන් පදිංචි ස්ථානය(ඉහත සඳහන් කර ඇති පරිදි)
- කොළඹ කොටස් වෙළෙද පොළේ උද්ධෘත කොටස්
ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස් කළ ප්‍රමාණ
වාසික තැනැත්තෙකුගේ ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් ලැබෙන ලැබීම් රු. 50,000/- නොඉක්මවන අවස්ථාවන් හී දී සහ තක්සේරු වර්ෂය තුළ දී සමස්ත ලැබීම් රු. 600,000/- නොඉක්මවන අවස්ථාවන් හී දී අදාළ වේ.
ආයෝජන වත්කම් පිරිවැය
2017.09.30 දිනට යම් පුද්ගලයෙකු සතු ආයෝජන වත්කම්වල වත්කම් පිරිවැය එම කාලවකවානුවට අදාළ වෙළෙදපොළ වටිනාකම හා සමාන වේ.
ප්‍රාග්ධන ලාභ බදු අනුපාතය - 10%
ප්‍රාග්ධන පාඩුව
ආයෝජන වත්කම් උපලබ්ධි වීමේදී සිදුවන පාඩුවක්, ආයෝජන වත්කම් උපලබ්ධි වීමකින් ලැබෙන කිසිදු ලැබීමකින් අඩු කර ගනු නොලැබේ.
ප්‍රාග්ධන ලාභ බදු වාර්තා ඉදිරිපත් කිරීම සහ බදු ගෙවීම්
බදු බැඳියාවක් ඇති සෑම පුද්ගලයෙකුම වාර්තා ගොනු කළ යුතු අතර ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් පසුව ගෙවීම් සිදු කළ යුතුය.
-
බදු ගෙවීම සඳහා නියමිත දිනය :
- ආයෝජන වත්කම් උපලබ්ධි වූ දින සිට මසකට නොඅඩු කාල පරිච්ඡේදයක් තුළ ගෙවීම් කටයුතු සිදු කළ යුතුය.
-
වාර්තා ඉදිරිපත් කිරීම සඳහා නියමිත දිනය :
- ආයෝජන වත්කම් උපලබ්ධි වූ දින සිට මසකට නොඅඩු කාල පරිච්ඡේදයක් තුළ වාර්තා ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය.
-
ඉදිරිපත් කළ යුත්තේ :
- අදාළ ප්‍රදේශයේ ආසන්නතම දේශීය ආදායම් අගනුවර / ප්‍රාදේශීය කාර්යාලය වෙත.
- මධ්‍යම ලිපිලේඛන කළමනාකරණ ඒකකය(CDMU), 7 වන මහල (උතුරු කොටස), දේශීය ආදායම් මූලස්ථාන ගොඩනැඟිල්ල