සිංහලதமிழ்English
බදු ගෙවීමේ ක්‍රියාවලියේදී, එක් එක් බදු වර්ගය යටතේ ගෙවිය යුතු සෑම බදු ගෙවීමක් සඳහාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ගෙවීම් පත්‍රිකාවේ සඳහන් වන ගෙවීම්පත් හඳුනා ගැනීමේ අංකය (DIN), අදාළ ගෙවීම බදු ගෙවන්නාගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගිණුමට බැර (post) කිරීම සඳහා යොදාගැනේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ගෙවීම් පත්‍රිකාවේ ගෙවීම්පත් හඳුනා ගැනීමේ අංකය (DIN) සඳහන් වුවද, විවිධ හේතු මත, විශේෂයෙන් දැනට පවතින වසංගත තත්වය යටතේ, බදුගෙවන්නන් වෙත ගෙවීම් පත්‍රිකා නියමිත කාලය තුළදී නොලැබෙන බව නිරීක්ෂණය වී ඇත.
එබැවින්, බදුගෙවන්නන්ගේ පහසුව සඳහා, අදාළ බදුගෙවන්නා හඳුනා ගැනීමේ අංක යටතේ ගෙවිය යුතු බදු ගෙවීම්වලට අදාළ වන ගෙවීම්පත් හඳුනා ගැනීමේ අංක (DLNs) මේ සමඟ ලයිස්තු ගත කර ඇත.