සිංහලதமிழ்English
සේවා යෝජකයන් විසින් 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ 114 වැනි වගන්තිය හෝ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 83 වැනි වගන්තිය (2018 අප්‍රේල් 01 සිට) ප්‍රකාර සේවා නියුක්තිකයෙකුගේ පාරිශ්‍රමිකයක් ගෙවන අවස්ථාවේදී සේවා නියුක්ත ආදායම මත බදු අඩු කළ යුතුය.
මෙම කාර්යය සඳහා එකී බදු අඩු කිරීමේදී භාවිතයට ගනු ලැබිය යුතු බදු වගු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නියම කරනු ලැබේ. පාරිශ්‍රමිකයක් උපයනු ලබන අවස්ථාවේදී මෙම බද්ද අඩු කර ගෙවනු ලබන බැවින් මෙම ක්‍රමය උපයන විට ගෙවීමේ ක්‍රමය ලෙස හැඳින් වේ.
බද්දට යටත් වන සෑම සේවා නියුක්තිකයෙකුගෙන්ම උපයන විට බදු අඩු කිරීමට සේවා යෝජකයින් බැඳී සිටින අතර එසේ බදු ලෙස අඩු කරන ලද සමස්ත මුදල පසුව එළැඹෙන මාසයේ 15 දින හෝ එදිනට පෙර දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂනය කළ යුතුය.
නියමිත දිනය -සේවා යෝජකයින් විසින් අදාල තක්සේරු වර්ෂය සඳහා උ. වි. ගෙ. වාර්ෂික වාර්තාව එම තක්සේරු වර්ෂය අවසන් ව එළඹෙන අප්‍රේල් මස 30 වැනි දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය.
ඉදිරිපත් කළ යුත්තේ - දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ 1 වන මහලේ පිහිටි මධ්‍යම ලේඛණ කළමනාකරණ අංශය (CDMU) වෙත භාර දිය යුතුය.