සිංහලதமிழ்English
පූර්ව මිලකරණ ගිවිසුමක් (APA) යනු යම් ස්ථාවර කාල පරිච්ඡේදයක් සඳහා ජාත්‍යන්තර ගනුදෙනුවල අසම්බන්ධිත මිල හෝ එකී අසම්බන්ධිත මිල පූර්වයෙන් තීරණය කිරීම පිණිස වන යෝග්‍ය නිර්ණායක කාණ්ඩයකින් (උදා: ක්‍රමය, සංසන්දනාත්මක අයිතම සහ ඒවාට කරනු ලබන නිසි ගැලපුම්, ඉදිරි සංසිද්ධි පිළිබඳ තීරාණාත්මක උපකල්පන) සමන්විත වන විධිමත් ගිවිසුමකි.
පූර්ව මිලකරණ ගිවිසුමේ (APA) මුළු කාලසීමාව තුළ ම, එයට සම්බන්ධ වන සියළුම පාර්ශ්වයන් එම එකඟත්වයට පත් වන ලද ගිවිසුම වෙත බැඳියාව දැක්විය යුතු අතර ආවරණය කරනු ලබන ගනුදෙනු සඳහා ද එය අදාළ විය යුතු ය.
මෙම මාර්ගෝපදේශය මගින් පූර්ව මිලකරණ ගිවිසුමක් (APA) සාර්ථක ලෙස සාකච්ඡාවට බඳුන් කර ක්‍රියාත්මක කිරීමට පහසුකම් සපයන සවිස්තරාත්මක පියවර, ලිපිලේඛන අවශ්‍යතා, ඉදිරි සංසිද්ධි පිළිබඳ තීරාණාත්මක උපකල්පන මෙන්ම ප්‍රායෝගික දර්ශන ද ඇතුළුව ශ්‍රී ලංකාව තුළ පූර්ව මිලකරණ ගිවිසුමක ක්‍රියාවලිය පිළිබඳව දළ විශ්ලේෂණයක් ලබා දේ. පූර්ව මිලකරණ ගිවිසුම් ක්‍රියාවලිය ස්වේච්ඡා ක්‍රියාවලියක් වන අතර එය මිල පැවරුම් පිළිබඳ ආරවුල් නිරාකරණය කිරීම සඳහා ඌනපූරකයක් වනු ඇත.