Skip Ribbon Commands
Skip to main content
Advance Personal Income Tax (APIT)
මුල් පිටුව :: බදු වර්ග :: අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද (APIT)
 

අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද (APIT)

සංහෝධිත 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 83 අ වැනි වගන්තිය (2023 ජනවාරි 01 සිට) ප්‍රකාර සේවා නියුක්තිකයෙකුගේ පාරිශ්‍රමිකයක් ගෙවන අවස්ථාවේ දී සේවා යෝජකයන් විසින් සේවා නියුක්ත ආදායම මත බදු අඩු කළ යුතුය.

මෙම කාර්යය සඳහා එකී බදු අඩු කිරීමේදී භාවිතයට ගනු ලැබිය යුතු බදු වගු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නියම කරනු ලැබේ. පාරිශ්‍රමිකයක් උපයනු ලබන අවස්ථාවේ දී අත්තිකාරමක් ලෙස මෙම බද්ද අඩු කර ගෙවනු ලබන බැවින් මෙය අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද ලෙස හැඳින්වේ.

අණ පනත්

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත [2017 ඹක්තෝබර් 24 දින සහතික කරන ලදී.]
දේශීය ආදායම් පනතට මාර්ගෝපදේශය (කෙටුම්පත)
2021 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත (2021 මැයි 13 දින සහතික කරන ලදී.) 
2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත (2022 දෙසැම්බර් 19 දින සහතික කරන ලදී.)
2023 අංක 04 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත - (2023 මැයි 08 දින සහතික කරන ලදී.)
2023 අංක 14 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත - (2023 සැප්තැම්බර් 08 දින සහතික කරන ලදී.)
2025 අංක 02 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත - (2025 මාර්තු 20 දින සහතික කරන ලදී.)
ඒකාබද්ධ කල 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත (ඉංග්‍රීසියෙන් පමණි) (2025 මාර්තු 31 දින දක්වා කරන ලද සංශෝධන සහිතව.)
2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත (2026 ජූනි 03 දින සහතික කරන ලදී.)
බදු ගෙවීම

බද්දට යටත් වන සෑම සේවා නියුක්තිකයෙකුගෙන්ම අත්තිකාරම් පුද්ගලික ආදායම් බදු අඩු කිරීමට සේවා යෝජකයින් බැඳී සිටින අතර එසේ බදු ලෙස අඩු කරන ලද සමස්ත මුදල පසුව එළැඹෙන මාසයේ 15 දින හෝ එදිනට පෙර දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂනය කළ යුතුය.

අත්තිකාරම් පුද්ගලික ආදායම් බදු වගු
අත්තිකාරම් පුද්ගලික ආදායම් බදු වගු ​​​​​
සේවා යෝජකගේ වාර්ෂික ප්‍රකාශය ඉදිරිපත් කිරීම
  • නියමිත දිනය :
    • සේවා යෝජකයින් විසින් අදාල තක්සේරු වර්ෂය සඳහා සේවා යෝජකගේ වාර්ෂික ප්‍රකාශය එම තක්සේරු වර්ෂය අවසන් ව එළඹෙන තක්සේරු වර්ෂයේ අප්‍රේල් මස 30 වැනි දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

  • ඉදිරිපත් කළ යුත්තේ :


​​
අවසන් වරට යථාවත් කිරීම : 24-02-2026