Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: බදු වර්ග :: උපයන විට ගෙවීමේ බදු (PAYE)​
 

උපයන විට ගෙවීමේ බදු 

‍සේවා යෝජකයන් විසින් 2006 අංක 10 දරණ දේශී​ය ආදායම් පනතේ 114 වැනි වගන්තිය ‍හෝ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 83 වැනි වගන්තිය (2018 අප්‍රේල් 01 සිට) ප්‍රකාර සේවා නියුක්තිකයෙකුගේ පාරිශ්‍රමිකයක් ගෙවන අවස්ථාවේදී සේවා නියුක්ත ආදායම මත බදු අඩු කළ යුතුය.

මෙම කාර්යය සඳහා එකී බදු අඩු ​කිරීමේදී භාවිතයට ගනු ලැබිය යුතු බදු වගු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නියම කරනු ලැබේ. පාරිශ්‍රමිකයක් උපයනු ලබන අවස්ථාවේදී මෙම බද්ද අඩු කර ගෙවනු ලබන බැවින් මෙම ක්‍රමය උපයන විට ගෙවීමේ ක්‍රමය ලෙස හැඳින් වේ. ​​​​​

​​​

අණ පනත්

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත [2017 ඹක්තෝබර් 24 දින සහතික කරන ලදී.]
දේශීය ආදායම් පනතට මාර්ගෝපදේශය (කෙටුම්පත)
2021 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත (2021 මැයි 13 දින සහතික කරන ලදී.) 
2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත (2022 දෙසැම්බර් 19 දින සහතික කරන ලදී.)
2023 අංක 04 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත - (2023 මැයි 08 දින සහතික කරන ලදී.)
2023 අංක 14 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත - (2023 සැප්තැම්බර් 08 දින සහතික කරන ලදී.)
2025 අංක 02 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත - (2025 මාර්තු 20 දින සහතික කරන ලදී.)
ඒකාබද්ධ කල 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත (ඉංග්‍රීසියෙන් පමණි) (2025 මාර්තු 31 දින දක්වා කරන ලද සංශෝධන සහිතව.)
2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත (2026 ජූනි 03 දින සහතික කරන ලදී.)
බදු ගෙවීම (උ. වි. ගෙ.)

බද්දට යටත් වන සෑම සේවා නියුක්තිකයෙකුගෙන්ම උපයන විට බදු අඩු කිරීමට සේවා යෝජකයින් බැඳී සිටින ​අතර එසේ බදු ලෙස අඩු කරන ලද සමස්ත මුදල පසුව එළැඹෙන මාසයේ 15 දින හෝ එදිනට පෙර දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂනය කළ යුතුය.

උ. වි. ගෙ. වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම

නියමිත දිනය -සේවා යෝජකයින් විසින් අදාල තක්සේරු වර්ෂය සඳහා උ. වි. ගෙ. වාර්ෂික වාර්තාව එම තක්සේරු වර්ෂය අවසන් ව එළඹෙන අප්‍රේල් මස 30 වැනි දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

ඉදිරිපත් කළ යුත්තේ - දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ 1 වන මහලේ පිහිටි මධ්‍යම ලේඛණ කළමනාකරණ අංශය (CDMU) වෙත භාර දිය යුතුය.

බාගත කරගැනීම් (Downloads)​

උ. වි. ගෙ. බදු වගු

උ. වි. ගෙ. බදු වගුව - 2018/2019, 2019/2020 - 2019 දෙසැම්බර් 31 දක්වා ​​​​​​​​
උ. වි. ගෙ. බදු ගණකය - 2018/2019 ​​​​​​​​
උ. වි. ගෙ. බදු වගුව - 2019-2020 - 2020 ජනවාරි 01 සිට 2020 මාර්තු 31 දක්වා​​​​​​​​​
​​​
අවසන් වරට යථාවත් කිරීම : 30-03-2021