සිංහලதமிழ்English
ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් විසින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා වැට් බදු ආපසු ගෙවීමට, සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය හදුන්වා දෙන ලදී.
2002 අංක 14 දරන එකතු කල අගය මත බදු පනතේ 58අ වගන්තිය සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් හා මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය ප්‍රකාරව, සංචාරක බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය (TRVS) 2018 සැප්තැම්බර් 11 වන දින සිට ක්‍රියාත්මක කරන ලදී.
TRVS යෝග්‍යතාවය සඳහා සංචාරකයින් විසින් පහත නිර්ණායකයන් සපුරාලිය යුතුය:
(ඉහත ඉන්වොයිසි මඟින් ප්‍රකාශිත භාණ්ඩ රේගුවේදී භෞතික සත්‍යාපනයට භාජනය කිරීමට ඉඩ සැලසීය යුතු බව කාරුණිකව සලකන්න)
මෙම ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වූ බලයලත් සිල්ලර වෙළෙන්දෙකුගෙන්, භාණ්ඩ මිලදී ගත හැකිය. වෙළඳසැල් හඳුනා ගැනීම සඳහා, පහත ලාංඡන එම වෙළඳසැල්වල ප්‍රදර්ශනය කර ඇත.
පහත සඳහන් භාණ්ඩ හැර එකතු කල අගය මත බදු අය කර ඇති සියලුම භාණ්ඩ, ආපසු ගෙවීම් ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් ලබයි;
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයෙහි, පිටවුම් පර්යන්තයේ පිහිටා ඇති TRVS කවුන්ටරය.