සිංහලதமிழ்English
එකතු කළ අගය මත බදු ලියාපදිංචි තැනැත්තන් විසින් එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම් ඉල්ලා සිටිය හැක. නමුත් ආනයන කර නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය නොකර විකිණීම සදහා ගෙන්වූ භාණ්ඩ සඳහා රේගු දෙපාර්තමේන්තුව විසින් එකතු කරන ලද එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සිදු කරනු නොලැබේ. එසේම වාණිජ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම එනම්, ව්‍යාපෘතිය කරගෙන යන කාලය අතරතුරදී යම් තැනැත්තෙකු 22(7) වගන්තිය යටතේ ලියාපදිංචි වී ඇතිනම් ව්‍යාපෘතියට අදාළ භාණ්ඩ හා සේවා මිලට ගැනීම මත ගෙවන ලද යම් යෙදවුම් බද්දක් බද්දට යටත් පිරිවැටුමක් නොමැති වුවද, ආපසු ගෙවීමක් ලෙස ඉල්ලා සිටිය හැක.
ලියාපදිංචි පුද්ගලයෙක් වෙත නිකුත් කරන ආපසු ගෙවීම කොටස් දෙකකින් එනම් කොටසක් බැර වවුචර් පත් මගින් සහ ඉතිරිය චෙක්පතකින් සිදුකල හැකිය.
බදු විලම්භනය කිරීම ආනයනය කරන අවස්ථාවේ දී සිදු කරනු ලැබේ. පනතේ වගන්ති වලට අනුව එම පහසුකම් ලබාගත් පුද්ගලයන්ට එකතු කළ අගය මත බදු ගෙවීම් නොකර ආනයනය සිදු කළ හැක. මෙම විලම්භනය කළ බද්ද සඳහන් කිරීම සඳහා එකතු කළ අගය මත බදු වාර්තාවේ ආනයනය දක්වන කොටුවේ වෙනම තීරුවක් දක්වා ඇත. එසේ විලම්භනය කරන ලද බද්ද සඳහා බැර වවුචර්පත් නිකුත් කරනු ඇත.
පහත සඳහන් ගණයන් යටතේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන් සඳහා ආපසු ගෙවීම් ඉල්ලා සිටිය හැක.
එසේම ඉහත පුද්ගලයන් සරල කරන ලද බදු ක්‍රමය යටතේ ලියාපදිංචි හදුනාගත් මිලදීගන්නන් ලෙස ලියාපදිංචි විය හැකි අතර ඔවුන්ට එකතු කළ අගය මත බදු රහිතව භාණ්ඩ හා සේවා මිලදී ගත හැකිය.
පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමෙන් අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ආපසු ගෙවීම් නිකුත් කළ හැක.