සිංහලதமிழ்English
විශාල සහ මධ්‍යම පරිමාණ සංස්ථාපිත ව්‍යාපාර ආයතන වල සියළුම බදු වර්ග වලට අදාල බදු ආපසු ගෙවීම් කටයුතු විශාල සහ මධ්‍යම පරිමාණ සංස්ථාපිත ආපසු ගෙවීම් අංශ මගින් සිදු කරනු ලැබේ. මේ සඳහා එම අංශය යටතේ, විශාල පරිමාණ සංස්ථාපිත සහ මධ්‍යම පරිමාණ සංස්ථාපිත ව්‍යාපාර වල සියළුම බදු වර්ග වල ආපසු ගෙවීම් සම්බන්ධව කටයුතු කිරීමට සහ 2016-01-01 ට පෙර බදු කාල පරිච්ඡේදයන්ට අදාල විශාල සහ මධ්‍යම පරිමාණ සංස්ථාපිත ව්‍යාපාර වලට අදාල එකතුකළ අගය මත බදු ආපසු ගෙවීම් ඉල්ලීම් පිළිබඳව කටයුතු කිරීමට වෙන් වූ ඒකක තුනක් පිහිටුවා ඇත.
විශාල පරිමාණ සංස්ථාපිත ව්‍යාපාර ආයතන වලට අදාල සංස්ථාපිත ආදායම් බදු, එකතුකළ අගය මත බදු වැනි සියළුම බදු වර්ග වල ආපසු ගෙවීම් කටයුතු මෙම අංශය මඟින් සිදු කරනු ලැබේ.
මධ්‍යම පරිමාණ සංස්ථාපිත ව්‍යාපාර ආයතන වලට අදාල සංස්ථාපිත ආදායම් බදු, එකතුකළ අගය මත බදු වැනි සියළුම බදු වර්ග වල ආපසු ගෙවීම් කටයුතු මෙම අංශය මඟින් සිදු කරනු ලැබේ.
විශාල පරිමාණ සහ මධ්‍යම පරිමාණ සංස්ථාපිත ව්‍යාපාර ආයතන වලට අදාල 2016-01-01 දිනට පෙර බදු කාලපරිච්ඡේදයන්ට අදාල එකතුකළ අගය මත බදු ආපසු ගෙවීම් කටයුතු මෙම අංශය මඟින් සිදු කරනු ලැබේ.