Skip Ribbon Commands
Skip to main content
Issuing of Privilege Cards
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: වරප්‍රසාද කාඩ් නිකුත් කිරීම

තනි පුද්ගල බදුගෙවන්නන් සඳහා වරප්‍රසාද කාඩ්පත් (Privilege Cards) නිකුත් කිරීම

බදුගෙවන්නන් සඳහා වන වරප්‍රසාද කාඩ්පත් ක්‍රමය යනු, තම බඳු බැඳියාව හඳුනා ගනිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන පුරවැසියන් හඳුනාගැනීමට සහ අගය කිරීම සඳහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද විශේෂ යෝජනා ක්‍රමයකි.

මෙවැනි පුද්ගලයන් අඛණ්ඩ අනුකූලතාවය පවත්වා ගනිමින් සහ කලට වේලාවට නියමිත බද්ද ගෙවමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ජාතික සංවර්ධනය ඇතිකිරීමෙහිලා ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙමින් විශේෂ භූමිකාවක් ඉටු කරති. බදු ගෙවන්නන්ගේ එම කැපවීම, සුපිළිපන්නභාවය හා සමාජ වගකීම ඉටුකිරීම වෙනුවෙන් කෘතඥතාවය පළ කිරීමක් ලෙස මෙම ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.


වරප්‍රසාද කාඩ්පත් ක්‍රමයේ අරමුණු

බදු ගෙවන්නන්ගේ වරප්‍රසාද කාඩ්පත් යෝජනා ක්‍රමය පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නිර්මාණය කර ඇත:

  • තනිපුද්ගල බදුගෙවන්නන් ස්ව තක්සේරු මත ස්වෙච්ඡාවෙන් බදු ගෙවීම සඳහා දිරිමත් කිරීම.
  • තනි පුද්ගල බදුගෙවන්නන් අතර බදු ගෙවීම පැහැර හැරීම වැලැක්වීම.
  • ඉහල මට්ටමේ බදු ගෙවන්නන් සඳහා නිසි ගෞරවය ලැබීම තහවුරු කිරීම‍.

වරප්‍රසාද කාඩ්පත ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්

තනි පුද්ගල බදුගෙවන්නෙකු වරප්‍රසාද කාඩ්පතක් ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන්නේ පහත සඳහන් සියළු අවශ්‍යතා සපුරන්නේ නම් පමණි.

  • බදුගෙවන්නා විසින් ආසන්නතම පූර්ව තක්සේරු වර්ෂය සඳහා නියමිත වාර්ෂික ස්ව තක්සේරු ගෙවීම්වලට සමාන ‍හෝ ඊට වැඩි මුදලක් අනිවාර්යයෙන් ම ගෙවා තිබීම.
  • බදුගෙවන්නා විසින් ආසන්නතම පූර්ව තක්සේරු වර්ෂය සඳහා නියමිත ආදායම් බදු වාර්තාව පූර්ව වර්ෂයේ නොවැම්බර් මස 30 වන දිනට හෝ ඊට පෙර අනිවාර්යයෙන් ම භාර දී තිබීම.
    නමුත් ආදායම් බදු වාර්තාවක් ගොනු කිිරීමට අවශ්‍ය නොවන තනි පුද්ගල බදු ගෙවන්නන්ට මෙම අවශ්‍යතාව අදාළ නොවේ.
  • ආදායම් බදු වාර්තාවේ සඳහන් සියලුුම බදු සහ නියමිත ස්ව තක්සේරු ගෙවීම් අදාළ නියමිත දිනයන්හිදී හෝ ඊට පෙර කළ යුතු ය.
    ඕනෑම ප්‍රභව බදු අඩුකිරීමක් අනිවාර්යයෙන් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු අතර අදාල බද්ද රඳවාගත් තැනැත්තා විසින් බදු වාර්තා නියමිත දින හෝ ඊට පෙර කොමසාරිස් ජෙනරාල් වෙත භාර දී තිබිය යුතු ය.
  • බදු ගෙවන්නාගේ අනුකූලතාවය සම්බන්ධයෙන් වන ඉතිහාසය යහපත් මෙන් ම පිළිගතහැකි තත්වයක් පෙන්නුම් කළ යුතු ය.


වරප්‍රසාද කාඩ්පත් වර්ග

වත්මන් දින දර්ශන වර්ෂයට අදාළව, පෙර තක්සේරු වර්ෂයේ තනි පුද්ගල ගෙවන්නන්ගේ ආදායම් බදු දායකත්වය මත පදනම්ව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගේ වරප්‍රසාද කාඩ්පත් කාණ්ඩ දෙකක් යටතේ නිකුත් කරයි:

  • රන් කාඩ්පත්
    • සුදුසුකම් නිර්ණායක:
      • කාඩ්පත් නිකුත් කිරීමට අදාල වර්ෂයට ආසන්නතම පූර්ව තක්සේරු වර්ෂය සදහා රුපියල් මිලියන 5 ට සමාන හෝ ඊට වැඩි ආදායම් බද්දක් ලෙස ගෙවන ලද තනි පුද්ගල බදු ගෙවන්නන්ට මේ සඳහා අයදුම් කළ හැක.
      • උදාහරණයක් ලෙස 2023/2024 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 5 ට සමාන හෝ ඊට වැඩි ආදායම් බද්දක් ගෙවන ලද තනි පුද්ගල බදු ගෙවන්නන් 2025 වර්ෂයේ රන් කාඩ්පතට හිමිකම් කියනු ලැබේ.

      සටහන:රන් කාඩ්පතට හිමිකම් කියනු ලබන තැනැත්තෙකු එම වර්ෂයේ දී රිදී කාඩ්පතට හිමිකම් කියනු නොලැබේ.

  • රිදී කාඩ්පත්
    • සුදුසුකම් නිර්ණායක:
      • කාඩ්පත් නිකුත් කිරීමට අදාළ වර්ෂයට ආසන්නතම පූර්ව තක්සේරු වර්ෂය සදහා රුපියල් මිලියන 3 ට සමාන හෝ ඊට වැඩි ආදායම් බද්දක් ගෙවන ලද තනි පුද්ගල බදු ගෙවන්නන්ට මේ සඳහා අයදුම් කළ හැක.
      • උදාහරණයක් ලෙස 2023/2024 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 3 ට සමාන හෝ ඊට වැඩි ආදායම් බද්දක් ගෙවන ලද තනි පුද්ගල බදු ගෙවන්නන් 2025 වර්ෂයේ රිදී කාඩ්පතට හිමිකම් කියනු ලැබේ.

වරප්‍රසාද කාඩ්පත සඳහා ඉල්ලුුම් කිරීමේ ක්‍රිියාවලිිය

රන් කාඩ්පත හෝ රිදී කාඩ්පත සඳහා සුුදුුසුකම් සපුරන තනි පුුද්ගල බදුගෙවන්නන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි නියමිත ආකෘතියක පළ කර ඇති අයදුම්පත්‍රය නිසි පරිදි පුරවා පූර්ව ලිත් වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින හෝ ඊට පසු, නමුත් අදාළ ලිත් වර්ෂයේ ජනවාරි මස 31 වන දිනට පෙර කොමසාරිස් - ආදායම් අධීක්ෂණ අංශය වෙත යොමු කළ යුුතු ය.

උදා: 2026 වසර සඳහා අයදුම්පත 2025.11.15 දින හෝ ඊට පසු, නමුත් 2026.01.31 දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2025-12-31 දක්වා දීර්ඝ කරන ලද බැවින්, වරප්‍රසාද කාඩ්පත් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය ද 2026-02-28 දක්වා දීර්ඝ කරන ලදී.

  • අවශ්‍ය උපකාරක ලේඛන

    පහත දැක්වෙන ලේඛන අයදුම්පත්‍රයට අමුණා යොමු කළ යුතු ය.

    • අදාළ ආදායම් බදු වාර්තාවෙහි පිටපතක් ‍(ආදායම් බදු ගොනුවක් පවතින්නේ නම් සහ බදු වාර්තාව අතින් පුරවා ඇත් නම්)
    • ජාතිික හැඳුනුම්පතෙහි හෝ විදේශ ගමන් බලපත්‍රයෙහි පිටපතක්
    • T-10 සහතිිකයහි පිිටපතක් (අදාළ වන්නේ නම්)

  • අයදුම්පත ඉදිරිපත් කිරීම

    අවශ්‍ය සියලුම ලේඛන සහ සම්පූර්ණ කරන ලද අයදුම්පත පහත සඳහන් ක්‍රමවලින් එකක් හරහා ඉදිරිපත් කළ හැකිය:

    • විද්‍යුත් තැපෑල: rm@ird.gov.lk ලිපිනයට යොමු කිරීම
    • අතින් ගෙනැවිත් බාරදීම හෝ ලියාපදිංචි තැපෑලෙන් :ආදායම් අධීක්ෂණ අංශය, 6 වන මහල, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවග වෙත යොමු කිරීම කළ හැකිය.

  • වරප්‍රසාද කාඩ්පත නිකුත් කිරීම

    කාඩ්පත් ඉල්ලුම්කරු ඉහත සියලුම අවශ්‍යතා සපුරාලන්නේ නම් සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඒ්වායේ නිසි අනුකූලතාවය සම්බන්ධයෙන් තෘප්තිමත් වන්නේ නම් සති තුනක් (3) ඇතුළත වරප්‍රසාද කාඩ්පත නිකුත් කරනු ලබන අතර, යම් ලිත් වර්ෂයක් සඳහා වරප්‍රසාද කාඩ්පත් එම වසරේ ජනවාරි 1 වන දින හෝ ඊට පසු නිකුත් කරනු ලැබේ.


වරප්‍රසාද කාඩ්පත් ප්‍රතිලාභ​​
අනු අංකය ප්‍රතිලාභය
සාමාන්‍ය
1.​ වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට කොමසාරිස් ජනරාල් ඇතුළු ඉහළ කළමණාකාරිත්වය ප්‍රමාදයකින් තොරව හමු වීම සඳහා ප්‍රමුඛතාවය මත අවස්ථාව ලබා දීම
2. වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට අවශ්‍ය අවස්ථාවන්හිදි කාර්යයන් ඉටුකර ගැනීම සඳහා අදාළ දෙපාර්තමේන්තු නිලධාරින් හමු වීම සඳහා ප්‍රමුඛතා පදනම මත අවස්ථාව ලබා දීම
3. වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට තම කාර්යයන් ඉටුකර ගැනීමේදී සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා සෑම බදු සේවා අංශයකම නිලධාරියෙකු නම් කර තිබීම සහ ප්‍රමුඛතා පදනම මත එම නිලධාරියා හමු වීමට අවස්ථාව ලබා දීම
4. වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට වාහන ස්ටිකරයක් ලබා දීම
5. වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට උපදේශන සේවා අවශ්‍ය අවස්ළුාවන්හිදි ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ පරිශ්‍රයන් වෙත ගොස් උපදේශන සේවා ලබා දීම
6. වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට විශේෂ ලාංඡනයක් සහිත අලංකාර බ්‍රෝච් එකක් පිරිනමනු ලැබේ
බාගත කරගැනීම්
​​​​​වරප්‍රසාද කාඩ්පතක් සඳහා අයදුම්පත
අවසන් වරට යථාවත් කිරීම : 19-02-2026