Skip Ribbon Commands
Skip to main content
AlertsandAnnouncements
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: අනතුරු ඇඟවීම් සහ නිවේදන

අනතුරු ඇඟවීම් සහ නිවේදන

අනතුරු ඇඟවීම්

දේශීය ආදායම් පරිගණක පද්ධති නඩත්තු කිරීම

දේශීය ආදායම් පරිගණක පද්ධති නඩත්තු කිරීම

විස්තරය: දේශීය ආදායම් පරිගණක පද්ධති නඩත්තු ක්‍රියාකාරකමක් හේතුවෙන් 2024 ජූනි 14 වන සිකුරාදා ප.ව. 5.00 සිට ප.ව. 8.00 දක්වා දේශීය වෙබ් ද්වාරය හරහා සේවාවන් ලබා ගත නොහැකි බව කරුණාවෙන්බව සලකන්න.
මේ සම්බන්ධයෙන් එම කාලය තුළ ඔබට සිදුවන යම් අපහසුතා පිළිබඳව කණගාටුව පළ කරනු ලැබේ.

Publish Date: 14-06-2024
විද්‍යුත් ලිපිනය සහ ජංගම දුරකථන අංකය යාවත්කාලීන කිරීම

විද්‍යුත් ලිපිනය සහ ජංගම දුරකථන අංකය යාවත්කාලීන කිරීම

විස්තරය: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි (RAMIS) ඔබගේ විද්‍යුත් ලිපිනය සහ ජංගම දුරකථන අංකය යාවත්කාලීන කර නොමැති නම්, එම තොරතුරු නිවැරදි කිරීමෙන් ඔබගේ ආපසු ගෙවීම් සඳහා වූ ඉල්ලීම් පිළිබද නවතම තොරතුරු මාර්ගගතව ඊ සේවාවන් මඟින් දැනගත හැකිවේ. විද්‍යුත් ලිපිනය සහ ජංගම දුරකථන අංකය යාවත්කාලීන කිරීම සදහා ඔබගේ මුරපදය භාවිතා කර ඊ-සේවා හරහා RAMIS වෙත ප්‍රවේශවීම මගින් හෝ බදු ගෙවන්නාගේ ලියාපදිංචිය වෙනස් කිරීමේ ඉල්ලුම් පත්‍රය සමඟ ලිඛිත ඉල්ලීමක්, දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ දෙවන මහලේ පිහිටි පාරිභෝගික තොරතුරු යාවත්කාලීන කිරීමේ ඒකකය වෙත හෝ ඕනෑම අගනගර/ප්‍රාදේශීය කාර්යාලයක් වෙත ඉදිරිපත් කිරීම මගින් සිදු කළ හැකිය.

Publish Date: 07-12-2023

නිවේදන

අවසන් වරට යථාවත් කිරීම : 19-08-2023