Skip Ribbon Commands
Skip to main content
Social Security Contribution Levy (SSCL)
මුල් පිටුව :: බදු වර්ග :: සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL)
SSCL  

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL)

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL), 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත (පනත) මගින් 2022 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි පනවනු ලැබේ. සෑම ලියාපදිංචි පුද්ගලයෙක්ම උපචිත පදනමක් මත බද්ද සඳහා ගිණුම් තැබිය යුතුය.

බද්දට යටත් විෂය පථය

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද,

  • යම් ද්‍රව්‍යයක් ආනයනය කරනු ලබන
  • යම් ද්‍රව්‍යයක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් කරනු ලබන
  • ඕනෑම ස්වභාවයකට අයත් සේවාවක් සැපයීමේ ව්‍යාපාරයක් කරනු ලබන
  • 2 වන අයිතමයේ සඳහන් නිෂ්පාදකයකු වන්නා වූ තැනැත්තකු විසින් සිදු කරන විකිණීමක් හැර, යම් ද්‍රව්‍යයක් ආනයනය කිරීම සහ විකිණීම ඇතුළු එවැනි ද්‍රව්‍යයක තොග හෝ සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් කරනු ලබන

බදු අය කළ හැකි සෑම තැනැත්තෙකු විසින්ම (පුද්ගලයකු හෝ අස්ථිත්වයක් අදහස් වන අතර, සංස්ථාගත හෝ සංස්ථාගත නොකළ පුද්ගල මණ්ඩලයක්, පොල්මඃකරුවෙක්, රාජ්‍ය නොවන සංවිධානයක් සහ පුණ්‍යායතනයක්) ගෙවිය යුතුය.

පිරිවැටුම

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත අදාළ වන තැනැත්තන්ගේ අදාළ කාණ්ඩයට අදාළව පිරිවැටුම පහත පරිදි අර්ථ දක්වා ඇත:-

  • යම් භාණ්ඩයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් – 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 6 වන වගන්තිය යටතේ එකතු කළ අගය මත බද්දේ කාර්යය සඳහා නිශ්චය කරන ලද එම ද්‍රව්‍යයේ වටිනාකම අදහස් වන නමුත් පළමුවන උපලේඛනයේ 1අ කොටසේ දක්වා ඇති යම් නිදහස් කරන ලද ද්‍රව්‍යයක වටිනාකම ඇතුළත් නොවේ.
  • යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් – පළමු උපලේඛනයේ 1අ කොටසේ දක්වා ඇති යම් නිදහස් කරන ලද ද්‍රව්‍යයක් හැර, එකී තැනැත්තා විසින් යම් ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාව තුලදී නිෂ්පාදනය කර විකිණීමෙන් එකී කාර්තුව තුල ලැබිය යුතු මුදල, එම මුදල ලැබුණේ වුව ද, නොලැබුණේ වුව ද, එසේ ලැබිය යුතු මුදල අදහස් වේ.
  • ඕනෑම ස්වභාවයක සේවාවක් සැපයීම සම්බන්ධයෙන් -
      1. පළමු උපලේඛනයේ II කොටසෙහි සඳහන් කර ඇති නිදහස් කරන ලද සේවාවන් හැර ශ්‍රී ලංකාවේ යම් මූල්‍ය සේවාවක් සැපයීමේ ව්‍යාපාරයක් කරගෙන යන යම් තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාව තුළ කිසියම් මූල්‍ය සේවාවක් සැපයීමෙන් ලැබුණේ වුවද නොලැබුණ් වුවද ලැබිය යුතු මුදල‍.
      2. පළමු උපලේඛනයේ II වන කොටසේ දක්වා ඇති නිදහස් කරන ලද සේවාවන් හැර, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 5 වැනි වගන්තියේ (7) උපවගන්තිය යටතේ නිශ්චිතව ගණනය කරන ලද, යම් දේපළ වෙළදාම් සහ වැඩි දියුණු කිරීමේ ව්‍යාපාරයකින් පැන නගින ඕනෑම සේවාවක වටිනාකම;
      3. ඉහත a. සහ b. හි සඳහන් සේවා සහ නිදහස් සේවා හැර ශ්‍රී ලංකාවේ ඕනෑම සේවාවක් ශ්‍රී ලංකාව තුළ සැපයීම මගින් ලැබුණේ වුවද නොලැබුණ් වුවද ලැබිය යුතු මුදල‍.
  • යම් ද්‍රව්‍යයක් ආනයනය කිරීම සහ විකිණීම ඇතුළුව එවැනි ද්‍රව්‍යයක තොග හෝ සිල්ලර වෙළඳාමේ ව්‍යාපාර සම්බන්ධයෙන් – පහත සඳහන් නිදහස් කිරීම් හැර, යම් ද්‍රව්‍යයක් තොග වෙළදාමෙන් හෝ සිල්ලර වෙළදාමෙන් ලැබුණේ වුව ද නොලැබුණේ වුව ද ලැබියයුතු මුදල,
      1. ඖෂධීය ද්‍රව්‍ය;
      2. 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ විධිවිධාන යටතේ වන විශේෂ වෙළද භාණ්ඩ බද්දට යටත්වන යම් ද්‍රව්‍යයක්, විකිණීම සඳහා සකස් කිරීම හැර යම් පිරිසැකසුම් කිරීමක් නොකොට එම භාණඩයේ ආනයනකරු විසින් විකුණනු ලබන අවස්ථාවකදී එම ද්‍රව්‍යය;
      3. අපනයනය කරනු ලබන යම් ද්‍රව්‍යයක්;
      4. ඉන්ධන පිරවුම්හලක විකුණනු ලබන පෙට්‍රල්, ඩීසල්, හෝ භූමි තෙල්;
      5. එල්. පී. ගෑස්; සහ
      6. යම් දේශීය නිෂපාදකයකුගෙන් හෝ දේශීය නිපදවන්නකුගෙන් මිල දී ගනු ලබන නැවුම් කිරි, අමු පත්‍ර, කුරුදු හෝ රබර්( රබර් කිරි, ක්‍රේප් රබර් හෝ රබර් ෂීට්).

යම් බදු අයකළ හැකි තැනැත්තෙකුගේ අදාළ කාර්තුව සඳහා නිශ්චිතව දක්වා ඇති පිරිවැටුමට;

  1. එම කාර්තුවේ දී එකී තැනැත්තා විසින් දරන ලද යම් බොල් ණය ඇතුලත් නොවිය යුතුය. (එසේ වුව ද, යම් අදාළ කාර්තුවක් තුළ ආපසු අයකරගන්නා ලද යම් බොල් ණයක් එම අදාළ කාර්තුවේ පිරිවැටුම සඳහා ඇතුළත් කරගනු ලැබිය යුතුය.)
  2. යම් එකතු කළ අගය මත බදු ගෙවීමක් (ලියාපදිංචිව ඇත්නම්)
  3. අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද යම් ජාත්‍යාන්තර ඉසව්වක් සම්බන්ධයෙන් අපනයනය සංවර්ධන ප්‍රදාන යටතේ ගෙවන ලද යම් ප්‍රදානයක්
ඇතුලත් නොවිය යුතුය.

ලියාපදිංචි වීමේ සීමාව –
  • 2021.10.01 දින සිට 2022.09.30 දින දක්වා වූ මාස දොළහක කාලසීමාව ඇතුලත රු. 120,000,000/- ඉක්මවන සමස්ත පිරිවැටුමක් සහිත වීම​
  • 2022.10.01 දිනයෙන් හෝ එදිනට පසු ආරම්භ වන යම් කාර්තුවක් සඳහා සමස්ත පිරිවැටුම රු. 30,000,000/- ඉක්මවන හෝ ඉක්මවීමට ඉඩ ඇත්නම්.
බද්ද අයකළ කිරීම

බද්දට යටත් පිරිවැටුම මත සෑම බදු අය කළ හැකි තැනැත්තෙකුගෙන්ම 2022 ඔක්තෝම්බර් 01 වන දින හෝ එදිනට පසු සෑම කාර්තුවක් සඳහාම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවිය යුතුය.

අනුප්‍රමාණය

බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පහත දැක්වෙන ආකාරයෙන් ගෙවිය යුතුය.

1
යම් ද්‍රව්‍යයක් ආනයනය කිරීම පිරිවැටුමෙන් 100%
2
යම් ද්‍රව්‍යයක් නිෂ්පාදනය කිරීම පිරිවැටුමෙන් 85%
3
සේවාවක් සැපයීම
(a)
මූල්‍ය සේවා සැපයීම එකතු කළ අගය මත බදු පනතේ 25 ඇ වගන්තිය යටතේ නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා ඇති මූල්‍ය සේවාවන්ට ආරෝපණය වන අගය එකතු කිරීමෙන් 100%
(b)
ඉඩම් හා වැඩිදියුණු කිරීම් පිරිවැටුමෙන් 100% {2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 5 වන වගන්තියේ 7 වන උපවගන්තියේ දක්වා ඇති වැඩිදියුණු කිරීම් වල වටිනාකම (විකුණුම් වටිනාකම - විකුණනු ලබන දිනට හිස් ඉඩමේ වෙළදපොල වටිනාකම)}
(c)
(a) සහ (b) අයිතමයන්ට අදාළ නොවන සේවා පනතේ 3(2) (c) (iii) යටතේ සඳහන් පිරිවැටුමෙන් 100%
4
තොග වෙළදාම සහ සිල්ලර වෙළදාම
(a)
යම් භාණ්ඩ ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කරන්නෙකු හෝ නිපදවන්නකුට අදාල ලියාපදිංචි බෙදාහරින්නෙකු විසින් යම් දුව්‍යයක් විකිණීම පනතේ 3 (2) (ඈ) වගන්තියේ සඳහන් පිරිවැටුමෙන් 25% ක්
(b)
ආනයනය කිරීම සහ විකිණීම ඇතුළුව ඉහත (අ) අයිතමයට අදාළ නොවන තොග වෙළඳාම හෝ සිල්ලර වෙළඳාම පනතේ 3 (2) (ඈ) වගන්තියේ සඳහන් පිරිවැටුමෙන් 50% ක්
ස්වතක්සේරු පදනම මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම.

ස්වතක්සේරු පදනම මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මාසිකව ගෙවිය යුතුය. ගෙවීම් සිදු කළ යුතු දිනයන් පහත පරිදි වේ.

මාසය ගෙවීම් දිනය
කාර්තුවේ පළමු මාසය සඳහා අදාළ කාර්තුවේ දෙවන මාසයේ 20 වන දින හෝ එදිනට පෙර
කාර්තුවේ දෙවන මාසය සඳහා අදාළ කාර්තුවේ තුන්වන මාසයේ 20 වන දින හෝ එදිනට පෙර
කාර්තුවේ තුන්වන මාසය සඳහා අදාළ කාර්තුව අවසානයේ ඉන් ඉක්බිතිව වහාම එළඹෙන මාසයේ 20 වන දින හෝ එදිනට පෙර
සමාජ ආරක්ෂණ දායකත්ව බදු වර්තා

ලියාපදිංචි වී ඇති සෑම තැනැත්තෙකු විසින්ම අදාළ එක් එක් කාර්තුව අවසානයෙන් පසු එළඹෙන මාසයේ විසිවන දින හෝ එදිනට පෙර සෑම කාර්තුවක් සඳහාම ලිඛිත වාර්තාවක් කොමසාරිස් ජනරාල්වරයාට ඉදිරිපත් කළ යුතුය.

  • වාර්තා ඉදිරිපත් කළ යුතු දිනය :
    • අදාළ කාර්තුව අවසානයෙන් පසු එළඹෙන මාසයේ 20 වන දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය.
  • භාරදිය යුත්තේ :
යොමුව
​​​
අවසන් වරට යථාවත් කිරීම : 01-11-2023