Skip Ribbon Commands
Skip to main content
Issuing of Privilege Cards
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: වරප්‍රසාද කාඩ් නිකුත් කිරීම

වරප්‍රසාද කාඩ් නිකුත් කිරීම​

  • පූර්ව ආසන්නතම තක්සේරු වර්ෂයේ දී ගෙවන ලද ආදායම් බදු පදනම මත වාර්ෂිකව නිකුත් කිරීම
සුදුසුකම​
  • රු. 500,000 ට වඩා ආදායම් බදු ගෙවනු ලබන සහ නියමිත දින හෝ එදිනට පෙර වාර්තාව ඉදිරිපත් කරනු ලබන පුද්ගලයින්
වරප්‍රසාද කාඩ්පත්
  • රන් - රු.1,000,000 ට වඩා ආදයම් බදු ගෙවන ලද පුද්ගලයින් වෙත නිකුත් කරනු ලැබේ.
  • රිදී - රු.500,000 ට වඩා ආදායම් බදු ගෙවන ලද පුද්ගලයින් වෙත නිකුත් කරනු ලැබේ.


ප්‍රතිලාභ


අනු අංකය ​ප්‍රතිලාභ
පොදු​
1. ශ්‍රී ලංකාවේ සියලු රජයේ නියෝජ්‍යායතන, රාජ්‍ය බැංකු, ගුවන් තොටුපල අධිකාරිය සහ වරාය අධිකාරියේ දී ප්‍රමුඛත්වයෙහි ලා සැලකීම
2.         කොළඹ ගුවන්තොටුපල පර්යන්ත වෙත පැමිණීමේ දී පිටවීමේ දී විශේෂ මාර්ග
3.         පිටවීමේ සහ පැමිණීමේ පර්යන්තයෙහි නොමිලයේ විධායක විවේකාගාරය භාවිතය​​ X
මහජන බැංකුව වෙතින්
1.         පීපල්ස් වීසා රන් කාඩ්පත සඳහා සම්බන්ධවීමේ ගාස්තුවෙන් නිදහස් කිරීම
රු 500,000/= සඳහා රු 250,000/=
2.         සංචාරක චෙක්පත් නිකුත් කිරීමේදී
කොමිස් අයකිරීමකින් තොරව කොමිස් මුදලින් 50% වට්ටමක්
3.         පීපල්ස් ට්‍රැවල්ස් සමාගමෙන් ගුවන් ටිකට්පතක් මිළදී ගැනීම මත ක වට්ටමක්. මෙය මහජන බැංකුවේ පූර්ණ අයිතිය ඇති පරිපාලිත සමාගමකි. 7% 5%
4.         පාරිභෝගිකයන්ගේ ව්‍යාපාරික/වෙළඳ කරුණු සාකච්ඡා​ කිරීම සඳහා බැංකුවේ කොළඹ විදේශ පාරිභෝගික ඒකකයේ පිහිටි බැංකු VIP විශේෂ අමුත්තන්ගේ පර්යන්තය නොමිලයේ භාවිතය.
5.         බැංකුවේ ශාඛා ජාලය තුල කොමිස් අයකිරීමකින් තොරව තෝරාගන්නා ලද බැංකුවේ ශාඛා අතර අරමුදල් හුවමාරුව (ලැයිස්තුවෙහි ශාඛා 129 ක් ඇතුළත්ය)
6.         සෑම රුපියල් සහ විදේශ ව්‍යවහාර මුදල් ස්ථාවර තැන්පතු හා කාලීන තැම්පතු සඳහා විශේෂ අනුපාත
7.         සති දෙකක් තුළ ප්‍රධාන කාර්යාලය හරහා නිවාස ණය සැකසීමේ සහ නිකුත් කිරීම (බැංකුවේ ණය දීමේ උපදෙස්වලට අනුව) (කොළඹ තදාසන්න ප්‍රදේශවල පිහිටි දේපළ පමණි)
8.         ගිණුම් හිමියන් සඳහා පදිංචි ස්ථානයේ සිට මුදල් භාරදීම/ මුදල් එකතු කිරීම
9.         75 % ක සාමාන්‍ය අනුපාතිකයන් යටතේ ආරක්ෂිත සේප්පු සේවාව.
10.     “ප්‍රමාදවීමකින් තොරව“ ශාඛා කළමනාකරුවන් හමුවීමේ අවස්ථාව සහතික කෙරේ
ලංකා බැංකුව වෙතින්
1.         සම්බන්ධවීමේ ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ රන් අන්තර්ජාතික ණයපතක් නිකුත් කරනු ලැබේ. පසුව මෙය ප්ලැටිනම් කාඩ් පතක් ලෙස උසස් කරනු ලැබේ. රු. මිලියන 1 රු. මිලියන 0.5
2.         වරණීය අනුපාතයක් යටතේ ණය පහසුකම් සලකා බලනු ලැබේ.
3.         සහනදායී පොළී අනුපාතිකයන් යටතේ මධ්‍යම කල්බදු ඒකකය වෙතින් කාර්යාලීය උපකරණ ඇතුළුව වාහන මිළදී ගැනීම සඳහා කල්බදු පහසුකම්
4.         සහනදායී පොළී අනුපාතිකයන් යටතේ නිවාස ණය ඒකකය වෙතින් නිවාස ණය
5.         අර්ධ කාමර කුලී අයකිරීම් යටතේ අනුරාධපුර, කතරගම සහ ඉහළ/පහළ, දික්ඔය සංචාරක බංගලා වැනි ලංකා බැංකු නිකේතනයන්හි ප්‍රමුඛ කලින් වෙන් කරවා ගැනීමේ පදනම මත බැංකු නිවාඩු නිකේතනයන්හි නතරවීම. ඉතිරි 50% අළෙවි අයවැය යටතේ සී/ස හොලිඩේ හෝම්ස් සමාගම වෙත ප්‍රතිපූරණය කරනු ලැබේ.
6.         ව්‍යාපාරික සම්මන්ත්‍රණ සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ 30වන මහළේ ව්‍යාපාරික මධ්‍යස්ථානය ප්‍රයෝජනයට ගතහැකි වීම (බහු මාධ්‍ය පහසුකම් සහ මහජන ඇමතුම් පද්ධතියකින් සමන්විත වේ) √ ​​​​​​​​​​​​​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 28-04-2016