Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු ​:: බදු දින දර්ශනය

බදු දින දර්ශනය -2022
(වාර්තා පිරවීමේ සහ ගෙවීම් සිදු කිරීමේ අවසන් දිනයන්)

ජනවාරි​

දිනය
කාල කේතය
විස්තරය
1
21/22 IV
ඔට්ටු සහ සූදු බදු - වාර්ෂික බද්ද ගෙවීම -2021/2022 - 4 වන කාර්තුව​
7
21/22 III
ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු දළ එකතුව මත බද්ද ගෙවීම (පිරිවැටුමෙන් 10%) - 2021 දෙසැම්බර්
15
21120
අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද ගෙවීම   - 2021 දෙසැම්බර්
21120
රඳවාගැනීමේ බද්ද ගෙවීම/ අත්තිකාරම් ආදායම් බද්ද- 2021 ​දෙසැම්​බර්
2140
සමථයකට පත් කරන ලද මුද්දර බදු ප්‍රකාශය - 2021, 4 වන කාර්තුව
21120
සමථයකට පත් කරන ලද මුද්දර බදු ගෙවීම - 2021, 4 වන කාර්තුව
20
21430
එකතු කළ අගය මත බදු  ගෙවීම - 2021 දෙසැම්බර් 
21120
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු  ගෙවීම - 2021 දෙසැම්බර්
21222
මූල්‍ය සේවා සැපයීම් වලින් එකතු කළ අගය මත බද්ද ත.ව.  2021/2022 සදහා දෙවන අතුරු ඇස්තමේන්තුව (ලිත් වර්ෂය පදනම මත)
21/22 III
ඔට්ටු සහ සූදු බදු දළ එකතුව මත බද්ද වාර්තාව -2021/2022 - 3වන කාර්තුව
31
2143
එකතු කළ අගය මත බදු වාර්තාව මාසික- 2021 දෙසැම්බර් 
2140
එකතු කළ අගය මත බදු වාර්තාව - 4 වන කාර්තුව (ඔක්තෝම්බර්  - දෙසැම්බර් 2021)

පෙබරවාරි

දිනය
කාල කේතය
විස්තරය
7
21/22 IV
ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු දළ එකතුව මත බද්ද ගෙවීම(පිරිවැටුමෙන් 10%) - 2022 ජනවාරි
15
21223
ආදායම් බදු -2021/2022 තක්සේරු වර්ෂයේ 3වන වාරිකය
22010
අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද ගෙවීම  - 2022 ජනවාරි
22010
රඳවාගැනීමේ බද්ද ගෙවීම/ අත්තිකාරම් ආදායම් බද්ද   - 2022 ජනවාරි
20
22110
 එකතුකළ අගය මත බදු ගෙවීම  -2022 ජනවාරි
22010
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු  ගෙවීම - 2022 ජනවාරි
28
2211
එකතුකළ අගය මත බද්ද මාසික වාර්තාව  -2022 ජනවාරි

මාර්තු

දිනය
කාල කේතය
විස්තරය
7
21/22 IV
ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු දළ එකතුව මත බද්ද ගෙවීම(පිරිවැටුමෙන් 10%) - 2022 පෙබරවාරි
15
22020
අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද ගෙවීම  - 2022 පෙබරවාරි
22020
රඳවා ගැනීමේ බද්ද ගෙවීම/ අත්තිකාරම් ආදායම් බද්ද ගෙවීම - 2022 පෙබරවාරි
20
22120
එකතුකළ අගය මත බදු ගෙවීම - 2022 පෙබරවාරි
22020
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු  ගෙවීම - 2022 පෙබරවාරි
31
2212
එකතුකළ අගය මත බද්ද මාසික වාර්තාව  -2022 පෙබරවාරි

අප්‍රේල්

මැයි

ජූනි

ජුලි

අගෝස්තු

සැප්තැම්බර්

ඔක්තෝබර්

නොවැම්බර්

දෙසැම්බර්

*​ ගෙවීම් කිරීමට නියමිත දිනය වැඩකරන දිනයක් නොවන දිනයක එළඹී විටෙක දී (රජයේ හෝ බැංකු නිවාඩු) නියමිත දිනට පෙර ගෙවීම් කිරීමෙන් අනුකූලතාවය දැක්වීමට කාරුණිකව සැලකිල්ල යොමුකරන්න.
තනි පුද්ගලයින් විසින් ගෙවිය යුතු ආදායම් බදු මත වට්ටම්

නියමිත දිනට එක් මසකට පෙර යම් ස්ව තක්සේරු ආදායම් බදු ගෙවීම් සිදුකරන යම් පුද්ගලයන් හට එහිදී 10%  වට්ටමකට හිමිකමක් කියනු ලැබේ. (ප්‍රවර්තන වර්ෂයේ ලාභ මත පදනම් වූ වාරිකය මත එම ප්‍රතිශතය නොඉක්මවන)

නිදර්ශනය - I

2015/2016 තක්සේරු වර්ෂය සඳහා ඔබගේ (පුද්ගලයකු වශයෙන්) ආදායම් බදු බැඳියාව රු. 200,000/- ක් ලෙස උපකල්පනය කරන්න. එවිට, සාමාන්‍ය හේතූන් යටතේ, 2016/2017 තක්සේරු වර්ෂය සඳහා කාර්තුමය ස්වයං තක්සේරු ආදායම් බදු ‍ගෙවීම් සිදුකිරීමට පහත සඳහන් පරිදි ඔබට හැකිය.

ගෙවීම් දිනය ගණනය කිරීම මුදල (රු.)
2016 අගෝස්තු 15 200,000 X ¼ 50,000
2016 නොවැම්බර් 15 200,000 X ¼ 50,000
2017 පෙබරවාරි 15 200,000 X ¼ 50,000
2017 මැයි 15 200,000 X ¼ 50,000
එකතුව 200,000

කෙසේවෙතත්, අදාළ නියමිත දිනයන්ට එක්මසකට පෙර ඔබ ඉහත ගෙවීම් කරන්නේනම්, එහි10% වට්ටමකට ඔබට හිමිකම් ඇති අතර (ප්‍රවර්තන වර්ෂයේ බදු බැඳියාව මත පදනම්ව) පහත සඳහන් පරිදි ගෙවීම් කළ හැකිය.

ගෙවීම් දිනය ගණනය කිරීම මුදල (රු.)
2016 ජුලි 15 (200,000 X ¼) අඩුකලා 200,000 X ¼X 10% 45,000
2016 ඔක්තෝබර් 15 (200,000 X ¼) අඩුකලා 200,000 X ¼X 10% 45,000
2017 ජනවාරි 15 (200,000 X ¼) අඩුකලා 200,000 X ¼X 10% 45,000
2017 අප්‍රේල් 15 (200,000 X ¼) අඩුකලා 200,000 X ¼X 10% 45,000
එකතුව 180,000

2016/2017 තක්සේරු වර්ෂය සඳහා ඔබගේ ආදායම් බදු බැඳියාව රු. 250,000/- ක්නම්,
එවිට එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ඉතිරි බදු 2017 සැප්තැම්බර් 30 දින හෝ එදිනට පෙර පහත සඳහන් පරිදි වේ.

ආගණනය මුදල (රු.)
2016/2017 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු මුළු ආදායම් බදු ප්‍රමාණය 250,000
අඩුකලා : කරන ලද ස්වයං තක්සේරු බදු ‍ගෙවීම් එකතුව (180,000)
වට්ටම 200,000 X 10% (දැනටමත් අඩුකරන ලද) (20,000)
2017 සැප්තැම්බර් 30 දින හෝ එදිනට පෙර ගෙවිය යුතු ඉතිරි බදු ප්‍රමාණය 50,000


​නිදර්ශනය - II

2015/2016 තක්සේරු වර්ෂය සඳහා ඔබගේ (පුද්ගලයකු වශයෙන්) ආදායම් බදු බැඳියාව රු. 200,000/- ක් ලෙස උපකල්පනය කරන්න. එවිට, සාමාන්‍ය හේතූන් යටතේ, 2016/2017 තක්සේරු වර්ෂය සඳහා එම බැඳියාවේ පදනම මත ස්වයං තක්සේරු ආදායම් බදු ‍ගෙවීම් සිදු කිරීමට පහත සඳහන් පරිදි ඔබට හැකිය

ගෙවීම් දිනය ගණනය කිරීම මුදල (රු.)
2016 අගෝස්තු 15 200,000 X ¼ 50,000
2016 නොවැම්බර් 15 200,000 X ¼ 50,000
2017 පෙබරවාරි 15 200,000 X ¼​ 50,000
2017 මැයි 15 200,000 X ¼ 50,000
එකතුව 200,000

කෙසේ වෙතත්, අදාළ නියමිත දිනයන්ට එක් මසකට පෙර ඔබ ඉහත ගෙවීම් කරන්නේනම්, එහි 10% වට්ටමකට ඔබට හිමිකම් ඇති අතර (ප්‍රවර්තන වර්ෂයේ බදු බැඳියාව මත පදනම්​ව) පහත සඳහන් පරිදි ගෙවීම් කළ හැකිය.

ගෙවීම් දිනය ගණනය කිරීම මුදල (රු.)
2016 ජුලි 15 (200,000 X ¼) අඩුකලා 200,000 X ¼X 10% 45,000
2016 ඔක්තෝබර් 15 (200,000 X ¼) අඩුකලා 200,000 X ¼X 10% 45,000
2017 ජනවාරි 15 (200,000 X ¼) අඩුකලා 200,000 X ¼X 10% 45,000
2017 අප්‍රේල් 15 (200,000 X ¼) අඩුකලා 200,000 X ¼X 10% 45,000
එකතුව 180,000

2016/2017 තක්සේරු වර්ෂය සඳහා ඔබගේ ආදායම් බදු බැඳියාව රු. 150,000/- ක්නම්, එවිට එම තක්සේරු වර්ෂය සඳහා ආපසු ගෙවීම පහත සඳහන් පරිදි ආගණනය කරනු ලැබේ.

ආගණනය මුදල (රු.)
2016/2017 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු මුළු ආදායම් බදු ප්‍රමාණය 150,000
අඩුකලා : කාර්තුමය ස්වයං තක්සේරු බදු ‍ගෙවීම් එකතුව (180,000)
වට්ටම 150,000 X 10% (හිමි) (15,000)
2016/2017 තක්සේරු වර්ෂය සඳහා නියමිත ආපසු ගෙවීම (45,000)

වට්ටම ප්‍රවර්තන ​වර්ෂයේ බදු බැඳියාවෙන් 10% සීමාවන බව කාරුණිකව සලකන්න. ​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​

අවසන් වරට යථාවත් කිරීම : 10-01-2022