Skip Ribbon Commands
Skip to main content
International Relations(MAP)​​
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: ජා​ත්‍යන්තර සබඳතා​​

ජා​ත්‍යන්තර සබඳතා

අන්‍යොන්‍ය එකඟත්ව ක්‍රියාපිළිවෙළ(MAP)

ශ්‍රී ලංකාව එළඹ ඇති ද්විත්ව බදුකරණ ගිවිසුම්වල ඇතුලත් කර ඇති “අන්‍යොන්‍ය එකඟත්ව ක්‍රියාපිළිවෙළ වගන්තිය” ප්‍රකාරව ද්විත්ව බදුකරණ ගැටළු , ද්විත්ව බදුකරණ ගිවිසුම් අර්ථදැක්වීම හා ඒවායේ භාවිතය පිළිබඳ ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නිසි බලධරයා සහ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ නිසි බලධරයා අතර ඇති කරනු ලබන ක්‍රියාදාමය අන්‍යොන්‍ය එකඟත්ව ක්‍රියා පිළිවෙල නම් වේ.

අන්‍යොන්‍ය එකඟත්ව ක්‍රියාපිළිවෙළ සඳහා වන උපදෙස් මාලාව

මෙම උපදෙස් මාලාවෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාව එළඹ ඇති ද්විත්ව බදුකරණ ගිවිසුම් වලට යටත් වන පුද්ගලයින්ට අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයන්ගේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සැලසීමයි. මේ යටතේ බදු ගෙවන්නන් සඳහා වන ද්විත්ව බදුකරණ ගැටළු , ද්විත්ව බදුකරණ ගිවිසුම් අර්ථදැක්වීම හා ඒවායේ භාවිතය පිළිබඳ ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා මේ යටතේ සහය ලබාදීම සිදු කරනු ලබයි.

අන්‍යොන්‍ය එකඟත්ව ක්‍රියාපිළිවෙළ (MAP) සඳහා වන උපදෙස් මාලාව ​​​​
අවසන් වරට යථාවත් කිරීම : 26-07-2023