සිංහලதமிழ்English
කුඩා වැව් සහ ඇළ මාර්ග සහ ඒවායින් පෝෂණය වන්නා වූ කුඹුරු වැනි ආදායම් උපදවන්නා වූ වාරිමාර්ග ඒකක විසින් ජලය සඳහා බදු ගෙවිය යුතුව තිබිණි. ජලය මිලදී ගැනීමටත් විකිණිමටත් හැකිව තිබිණි. වැව් හිමිකරුවන් විසින් (vapi – hamic) තම වැව් වලට පැමිණෙන ජලය වෙනුවෙන් මිලක් ගෙවීමට සිදුවූ අතර අනෙක් අතට වැව් හිමිකරුවන් විසින් භාවිත කරන්නන්ගෙන් ජලය මත ගාස්තුවක් අයකරන ලදී. වැවෙහි විශාලතම කොටස රජු සතු වූ අතර ක්‍රි:ව: 17 වැනි සියවසේ ආරම්භය දක්වා මෙලෙස අයකරන ලද ජල බද්දෙ හි මූලික හිමිකරු බවට පත්වූයේ රජතුමා ය. මෙකී ජලය මත අයකරන ගාස්තුව/බද්ද “දියබෙදුම - diyabedum” හෝ “දෙකපත් - dekapath” ලෙස හැඳින්විය. එය රජතුමාට මෙන්ම සුළු ඇලමාර්ග සහ වැව්/ විල් හිමිකරුවන් වෙත ගෙවන ලදී.
දෙකපත් (dekapath) ට අතිරේක වශයෙන්, සියළු පදිංචි සහ වගාකරන ලද ඉඩම්වලින් නිපදවන ලද දෑවලින් කොටසකට රජුට හිමිකම් පැවතිණි.