Skip Ribbon Commands
Skip to main content
Polonnaruwa Kingdom
මුල් පිටුව :: අප පිළිබඳව :: දේශීය ආදායම් ඉතිහාසය :: පොලොන්නරුව රාජධානිය
 

පොලොන්නරුව රාජධානිය

පොලොන්නරුව රාජධානි සමයේ දී, රජුගේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය/ ප්‍රභවය වූයේ ඉඩම් බද්ද සහ වී මත අයකරන ලද බද්දය. ඇළවලින් ජලය භාවිත කිරීම මත බද්ද (දියබෙදුම - diyabedum) ද ගෙවිය යුතු විය. මැණික්, මුතු, කුරුඳු සහ ඇතුන් වැනි භාණ්ඩ මත විදේශ වෙළෙඳාමේදී ද බද්දක් පැවතිණි.

මෙකී බදු අදාල රජුගේ නිලධාරීන් විසින් අයකරන ලදී. අදාළ ගම්මානයෙන් රජු වෙනුවෙන් ගෙවීය යුතු බදු රැස්කිරීමේ කාර්ය ගම්ප්‍රධානියා වෙත මූලිකව පැවරී තිබිණි.

මෙකී බදු ධාන්‍යවලින් හෝ සෙසු කෘෂිකාර්මික නිෂ්පාදනවලින් කොටසක් වශයෙන් ගෙවිය යුතුව තිබිණි. නිෂ්පාදනයෙන් හයෙන් එකක (1/6)​ කොටසක් ලෙස ඉඩම් බද්ද ගෙවිය යුතු විය. මෙම කාලවකවානුවේ දී දැකගත හැකි සුවිශේෂී වූ ලක්ෂණයක් වූයේ වෙළෙඳ මාර්ග හා සම්බන්ධතාව පැවති වෙ‍ළෙඳ නගරවල වර්ධනයයි. රේන්ද බද්ද සහ සෙසු බදු/ගාස්තු රජය විසින් පනවන ලදී. වෙළෙඳ භාණ්ඩ ආනයන හා අපනයන මත බදු අයකරන ලදී. ​​​

අවසන් වරට යථාවත් කිරීම : 23-05-2015